අයියාගේ මරණය ප්‍රහේලිකාවක් – ඇහැළියගොඩ OICගේ මල්ලී කියන කතාව (වීඩියෝ)

ඇහැළියගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ මරණය සම්බන්ධයෙන් ප්‍රහේලිකාවක් ඇති බව මියගිය ස්ථානාධිපතිවරයාගේ බාල සහෝදරයා පවසනවා.

ඒ, තම සහෝදරයාගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසයි ඔහු පොලිසියෙන් ඉල්ලා සිටියේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ අතර, එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ පවුල් ආරවුලක් හේතුවෙන් තම සහෝදරයා සියදිවි හානිකරගත් බවට පළවෙන වාර්තා සාවද්‍ය බවයි.

ඇහැළියගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ දරුවන් දෙදෙනෙකුගේ පියෙක් වූ ප්‍රියංකර ද සිල්වා පසුගිය (21) වනදා අලුයම වෙඩි වැදී මියගොස් සිටිය දී සොයා ගැනුණා.

ඒ, ඔහු නවාතැන් ගෙන සිටි නිල නිවසේ දීයි.

කෙසේ වෙතත් පොලිසිය පසුව පැවසුවේ මෙය සියදිවි නසාගැනීමක් බවත්, ස්ථානාධිපතිවරයා ගිනි අවියකින් හිසට වෙඩි තබාගෙන මෙලෙස සියදිවි නසාහෙන ඇති බවයි.

පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් ඔහු මෙලෙස වෙඩි තබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළා.

42 හැවිරිදි වියේ පසුවූ ස්ථානාධිපතිවරයා වාද්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, මොහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
6
+1
5
+1
4
+1
20
+1
6
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59
Video thumbnail
හදිසි අවස්ථාවක් - හදිසි අවස්ථාවක් - රනිල් හදිසියේ මාධ්‍ය කැඳවයි
05:12
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
03:41
Video thumbnail
බොරු කියන මිනිස්සුන්ට රැවටෙන්න එපා - ඇමති සමන්ත ජනතාවගෙන් ඉල්ලයි
14:53
Video thumbnail
මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරන මේ අයට එක පෑන් පාරෙන් වැඩේ දෙන්න බැරිද - DASATHA SEARCH LIGHT
12:34
Video thumbnail
අලුත් තාක්ෂණයෙන් පෙරාපු කසිප්පු අල්ලපු මෙහෙයුම
03:36
Video thumbnail
මහියංගණය වෙ# තැබීමේ සියල්ල හෙළිවෙයි - සජීවී දර්ශන මෙන්න
05:17

?