අයියාගේ මරණය ප්‍රහේලිකාවක් – ඇහැළියගොඩ OICගේ මල්ලී කියන කතාව (වීඩියෝ)

ඇහැළියගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ මරණය සම්බන්ධයෙන් ප්‍රහේලිකාවක් ඇති බව මියගිය ස්ථානාධිපතිවරයාගේ බාල සහෝදරයා පවසනවා.

ඒ, තම සහෝදරයාගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසයි ඔහු පොලිසියෙන් ඉල්ලා සිටියේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ අතර, එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ පවුල් ආරවුලක් හේතුවෙන් තම සහෝදරයා සියදිවි හානිකරගත් බවට පළවෙන වාර්තා සාවද්‍ය බවයි.

ඇහැළියගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ දරුවන් දෙදෙනෙකුගේ පියෙක් වූ ප්‍රියංකර ද සිල්වා පසුගිය (21) වනදා අලුයම වෙඩි වැදී මියගොස් සිටිය දී සොයා ගැනුණා.

ඒ, ඔහු නවාතැන් ගෙන සිටි නිල නිවසේ දීයි.

කෙසේ වෙතත් පොලිසිය පසුව පැවසුවේ මෙය සියදිවි නසාගැනීමක් බවත්, ස්ථානාධිපතිවරයා ගිනි අවියකින් හිසට වෙඩි තබාගෙන මෙලෙස සියදිවි නසාහෙන ඇති බවයි.

පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් ඔහු මෙලෙස වෙඩි තබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළා.

42 හැවිරිදි වියේ පසුවූ ස්ථානාධිපතිවරයා වාද්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, මොහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21