AFC Banner
AFC Banner
Empty Ad

අයහපත් කාලගුණික තත්ත්වය සමඟ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ජනතාව අතර විවිධ රෝග පැතිර යා හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පසනවා.

එමෙන්ම ඔවුන්ට බෙදාදීමට ප්‍රමාණවත් තරම් ඖෂධ නොමැතිවීම බරපතළ ගැටළුවක්ව ඇති බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ.

“මේ දිනවල රට පුරා පවතින්නේ අයහපත් කාලගුණික තත්ත්වයක්. මෙම කාලගුණික තත්ත්වයත් සමඟ ජනතාව අතර විවිධ රෝගාබාධ පැතිර යාමේ අවදානමක් තිබෙනවා. විශේෂයෙන්ම ඩෙංගු, පාචනය සහ මී උණ ඒ අතරින් ප්‍රධානයි. මුලින්ම ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි අවදානයක් යොමු කළ යුතු වනවා. අනවශ්‍ය ආකාරයට ජලයේ බැස විනෝද වීම හේතුවෙන් විවිධ අනතුරු සිදුවිය හැකිවනවා. සේම ඔබ නොදැනුවත්වම රෝගාබාධවලට ගොදුරුවීමේ ප්‍රවනතාවයත් වැඩියි.
වෙනත් කාලවල දී රෝග පැතිර යාම වැළැක්වීම සදහා විවිධ ඖෂධ වර්ග අපි විසින් ජනතාවට බෙදාදීම සිදුකළා. නමුත් අවාසනාවකට මෙම අවස්ථාවේ ජනතාවට නොමිලේ බෙදාදෙන්න තරම් ඖෂධ අපි සතුව නෑ.ඒ නිසා ජනතාවගෙන් මුලින්ම ඉල්ලා සිටින්නේ ඔබ පරිස්සම් වෙන්න කියන එකයි.

එමෙන්ම අපි රජයෙන් මේ අවස්ථාවේ දී දැඩිව ඉල්ලා සිටිනවා විවිධ රෝග පැතිර යාමට පෙර ඒ සම්බන්ධයෙන් අවදානය යොමුකර අවශ්‍ය ඖෂධ වර්ග ලබාදෙන ලෙසට. එසේ නොවුවහොත් සිදුවිය හැකි විනාශය අති ප්‍රබල බවත් මතක් කළ යුතුයි. එමෙන්ම සිවිල් සහ රාජ්‍ය නොවන සංවිධානවලින් ද අපි ඉල්ලා සිටින්නේ පවතින ව්‍යසනයෙන් ජනතාවට සහනයක් සැලසීම සදහා ඉදිරිපත්වන ලෙසයි. අවශ්‍ය කරන අත්‍යාවශ්‍ය ඖෂධ ලබාදීමෙන් එම සංවිධානවලට මේ අවස්ථාවේ දී විශාල සේවාවක් කළ හැකි බව ද අපි මතක් කරන්න කැමතියි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?