අයහපත් කාලගුණික තත්ත්වය සමඟ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ජනතාව අතර විවිධ රෝග පැතිර යා හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පසනවා.

එමෙන්ම ඔවුන්ට බෙදාදීමට ප්‍රමාණවත් තරම් ඖෂධ නොමැතිවීම බරපතළ ගැටළුවක්ව ඇති බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ.

“මේ දිනවල රට පුරා පවතින්නේ අයහපත් කාලගුණික තත්ත්වයක්. මෙම කාලගුණික තත්ත්වයත් සමඟ ජනතාව අතර විවිධ රෝගාබාධ පැතිර යාමේ අවදානමක් තිබෙනවා. විශේෂයෙන්ම ඩෙංගු, පාචනය සහ මී උණ ඒ අතරින් ප්‍රධානයි. මුලින්ම ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි අවදානයක් යොමු කළ යුතු වනවා. අනවශ්‍ය ආකාරයට ජලයේ බැස විනෝද වීම හේතුවෙන් විවිධ අනතුරු සිදුවිය හැකිවනවා. සේම ඔබ නොදැනුවත්වම රෝගාබාධවලට ගොදුරුවීමේ ප්‍රවනතාවයත් වැඩියි.
වෙනත් කාලවල දී රෝග පැතිර යාම වැළැක්වීම සදහා විවිධ ඖෂධ වර්ග අපි විසින් ජනතාවට බෙදාදීම සිදුකළා. නමුත් අවාසනාවකට මෙම අවස්ථාවේ ජනතාවට නොමිලේ බෙදාදෙන්න තරම් ඖෂධ අපි සතුව නෑ.ඒ නිසා ජනතාවගෙන් මුලින්ම ඉල්ලා සිටින්නේ ඔබ පරිස්සම් වෙන්න කියන එකයි.

එමෙන්ම අපි රජයෙන් මේ අවස්ථාවේ දී දැඩිව ඉල්ලා සිටිනවා විවිධ රෝග පැතිර යාමට පෙර ඒ සම්බන්ධයෙන් අවදානය යොමුකර අවශ්‍ය ඖෂධ වර්ග ලබාදෙන ලෙසට. එසේ නොවුවහොත් සිදුවිය හැකි විනාශය අති ප්‍රබල බවත් මතක් කළ යුතුයි. එමෙන්ම සිවිල් සහ රාජ්‍ය නොවන සංවිධානවලින් ද අපි ඉල්ලා සිටින්නේ පවතින ව්‍යසනයෙන් ජනතාවට සහනයක් සැලසීම සදහා ඉදිරිපත්වන ලෙසයි. අවශ්‍ය කරන අත්‍යාවශ්‍ය ඖෂධ ලබාදීමෙන් එම සංවිධානවලට මේ අවස්ථාවේ දී විශාල සේවාවක් කළ හැකි බව ද අපි මතක් කරන්න කැමතියි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14