අයහපත් කාලගුණයෙන් අහිමි වූ ජීවිත ගණන 16ක් දක්වා ඉහළට

පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ඇති වූ ආපදා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 16ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් පුද්ගලයින් 19 දෙනෙකු ද තුවාල ලබා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 465,746 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව වාර්තා වන්නේ.

මේ අතර දිවයින පුරා සහන මධ්‍යස්ථාන 245ක පුද්ගලයින් 29,596 දෙනෙකු තවදුරටත් නවාතැන් ගෙන සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.

නිවාස 98කට පූර්ණ හානි සිදුව ඇති අතර, නිවාස 2,333කට අර්ධ හානි සිදුව ඇති බවට වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?