අයහපත් කාලගුණයෙන් හානි වූ නිවෙස් වෙත වන්දි ලබාදෙන්න – ජනපති උපදෙස්

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පූර්ණ වශයෙන් හානි වූ නිවාස වෙනුවෙන් උපරිම සීමාවකට යටත් ව වන්දි මුදලක් ලබාදීමට හෝ එම නිවාස නැවත ඉදිකර දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් එලෙස උපදෙස් ලබාදෙනු ලැබූ බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ප්‍රකාශ කළා.

අර්ධ වශයෙන් හානි වූ නිවාස නැවත අලුත්වැඩියා කර ගැනීම සඳහා ද සිදු වී ඇති හානිය තක්සේරු කර යම් උපරිම සීමාවකට යටත් ව වන්දි මුදලක් ලබාදීමට පියවර ගන්නා බවයි සාගල මහතා මෙහිදී සඳහන් කළේ.

ඊයේ (20) ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දී මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශකවරයා මේ බව සඳහන් කළා.

පසුගිය දිනවල රටේ විවිධ ප්‍රදේශවලට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ තද සුළං, ගංවතුර හා පස්කඳු කඩාවැටීම් වැනි ස්වාභාවික ආපදා නිසා හානි වූ නිවාස නැවත ඉදිකර දීම හෝ උපරිම සීමාවකට යටත් ව සුදුසු වන්දි මුදලක් පිරිනැමීම සම්බන්ධයෙනුයි දීර්ඝ ලෙස ඊයේ දිනයේ දී සාකච්ඡා කෙරුණේ.

එමෙන්ම ස්වාභාවික ආපදා හේතුවෙන් පූර්ණ හා අර්ධ වශයෙන් හානි වූ නිවාස සම්බන්ධයෙන් විධිමත් ලෙස පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් ලබාදෙන ලෙසට ද සාගල රත්නායක මහතා අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43
Video thumbnail
ජුලී චං ඉදිරියේ අනුර අනේපිඬු සිටුතුමා වගේ කීකරුවෙලා..කිරිබත් කාලම හොඳම එකෙන් කිව්ව ගම්මන්පිල
07:50
Video thumbnail
රතු නිවේදන නිකුත් කළ විදෙස්ගත සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද මෙරටට ගෙන එයි
02:54
Video thumbnail
පොලිසිය සහ ජනතාව අතර දැඩි උණුසුම් තත්වයක්..මිනිස්සු කුපිත පොලිසිය එක්ක ඇරගයි
10:30
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:25
Video thumbnail
ප්‍රසිද්ධ වෙළෙඳ ප්‍රදර්ශනාගාරය ලොකු ගින්නක්..මහ සෙනඟක් වටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
01:51
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:45
Video thumbnail
විදේශිකයන් රැගත් වෑන් එකක් ග්‍රෙගරි වැව අසළ සිදුවූ බිහිසුණු අනතුර
01:09
Video thumbnail
අජිත්ගෙන් ලාල් කාන්තට සැර සත්තමක්.."කිසිම සමාවක් දෙන්න බැරි පහත් විවේචනයක් කළේ"
06:53


?