අයහපත් කාලගුණයෙන් හානි වූ නිවෙස් වෙත වන්දි ලබාදෙන්න – ජනපති උපදෙස්

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පූර්ණ වශයෙන් හානි වූ නිවාස වෙනුවෙන් උපරිම සීමාවකට යටත් ව වන්දි මුදලක් ලබාදීමට හෝ එම නිවාස නැවත ඉදිකර දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් එලෙස උපදෙස් ලබාදෙනු ලැබූ බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ප්‍රකාශ කළා.

අර්ධ වශයෙන් හානි වූ නිවාස නැවත අලුත්වැඩියා කර ගැනීම සඳහා ද සිදු වී ඇති හානිය තක්සේරු කර යම් උපරිම සීමාවකට යටත් ව වන්දි මුදලක් ලබාදීමට පියවර ගන්නා බවයි සාගල මහතා මෙහිදී සඳහන් කළේ.

ඊයේ (20) ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දී මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශකවරයා මේ බව සඳහන් කළා.

පසුගිය දිනවල රටේ විවිධ ප්‍රදේශවලට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ තද සුළං, ගංවතුර හා පස්කඳු කඩාවැටීම් වැනි ස්වාභාවික ආපදා නිසා හානි වූ නිවාස නැවත ඉදිකර දීම හෝ උපරිම සීමාවකට යටත් ව සුදුසු වන්දි මුදලක් පිරිනැමීම සම්බන්ධයෙනුයි දීර්ඝ ලෙස ඊයේ දිනයේ දී සාකච්ඡා කෙරුණේ.

එමෙන්ම ස්වාභාවික ආපදා හේතුවෙන් පූර්ණ හා අර්ධ වශයෙන් හානි වූ නිවාස සම්බන්ධයෙන් විධිමත් ලෙස පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් ලබාදෙන ලෙසට ද සාගල රත්නායක මහතා අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17