AFC Banner
Empty Ad
Empty Ad

අයහපත් කාලගුණයෙන් සිදු වූ මරණ 17 දක්වා නගී – ගංඟා කිහිපයක් තව දුරටත් පිටාර ගලයි (වීඩියෝ)

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදු වූ පුද්ගල මරණ ගණන මේ වනවිට 17ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව මාතර දිස්ත්‍රික්කයෙන් මරණ 06ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් මරණ 05ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් මරණ 03ක්, ගාල්ල දිස්ත්‍රිකයෙන් මරණ 02ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් මරණ 01ක් වාර්තා වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර දිස්ත්‍රික්ක 08ක පවුල් 21,353කට අයත් පුද්ගලයින් 84,749 දෙනෙක් පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා පීඩාවට පත්ව සිටිනවා.

මේ අතර කැළණි, කළු, ගිං ගංගා තවදුරටත් පිටාර ගලමින් පවතින අතර, අත්තනගලු ඔය ද පිටාර ගලමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ හේතුවෙන් ගම්පහ සහ කඩුවෙල නගර ද ඊයේ (03) රාත්‍රී ජලයෙන් යට වී තිබෙනවා.

එමෙන්ම නිල්වලා ගංඟා ද්‍රෝණියේ මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පවතින ගංවතුර ආරක්ෂණ බැම්ම උතුරා යමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?