අයහපත් කාලගුණයෙන් සිදු වූ මරණ 17 දක්වා නගී – ගංඟා කිහිපයක් තව දුරටත් පිටාර ගලයි (වීඩියෝ)

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදු වූ පුද්ගල මරණ ගණන මේ වනවිට 17ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව මාතර දිස්ත්‍රික්කයෙන් මරණ 06ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් මරණ 05ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් මරණ 03ක්, ගාල්ල දිස්ත්‍රිකයෙන් මරණ 02ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් මරණ 01ක් වාර්තා වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර දිස්ත්‍රික්ක 08ක පවුල් 21,353කට අයත් පුද්ගලයින් 84,749 දෙනෙක් පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා පීඩාවට පත්ව සිටිනවා.

මේ අතර කැළණි, කළු, ගිං ගංගා තවදුරටත් පිටාර ගලමින් පවතින අතර, අත්තනගලු ඔය ද පිටාර ගලමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ හේතුවෙන් ගම්පහ සහ කඩුවෙල නගර ද ඊයේ (03) රාත්‍රී ජලයෙන් යට වී තිබෙනවා.

එමෙන්ම නිල්වලා ගංඟා ද්‍රෝණියේ මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පවතින ගංවතුර ආරක්ෂණ බැම්ම උතුරා යමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39