AFC Banner
Empty Ad
Empty Ad

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 76,218ක් අවතැන් – ප්‍රා.ලේකම් කොට්ඨාස 53කට දැඩි බලපෑම්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පවුල් 18,795ක පුද්ගලයින් 76,218 අවතැන්ව ඇති බව ආපදා කළමනාකරණ මධස්ථානය දැනුම් දෙනවා.

ඒ, අනුව සුරක්ෂිත මධස්ථාන 38ක් තුළ පවුල් 986ක පුද්ගලයින් 3,560ක් රඳවා ඇති බවයි ආපදා කළමනාකරණ මධස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර අයහපත් කාලගුණයෙන් නිවස අර්ධ හානි 233ක් මේ වනවිට වාර්තා වී තිබෙනවා.

එමෙන්ම අයහපත් කාලගුණයෙන් ජීවිත දෙකක් අහිමිව ඇති අතර,හල්තොට සහ කඩුවෙල, වැලිහිඳ යන ප්‍රදේශවලින් එම මරණ වාර්තා වනවා.

දිවයිනේ දිස්ත්‍රික්ක 11ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 53ක් මෙම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධස්ථානය පැවසුවේ.

5 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?