අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 76,218ක් අවතැන් – ප්‍රා.ලේකම් කොට්ඨාස 53කට දැඩි බලපෑම්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පවුල් 18,795ක පුද්ගලයින් 76,218 අවතැන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

ඒ, අනුව සුරක්ෂිත මධස්ථාන 38ක් තුළ පවුල් 986ක පුද්ගලයින් 3,560ක් රඳවා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර අයහපත් කාලගුණයෙන් නිවස අර්ධ හානි 233ක් මේ වනවිට වාර්තා වී තිබෙනවා.

එමෙන්ම අයහපත් කාලගුණයෙන් ජීවිත දෙකක් අහිමිව ඇති අතර, හල්තොට සහ කඩුවෙල, වැලිහිඳ යන ප්‍රදේශවලින් එම මරණ වාර්තා වනවා.

දිවයිනේ දිස්ත්‍රික්ක 11ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 53ක් මෙම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

5 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් ලොව ජයගනිද්දී අම්මා, තාත්තා සහ හිතවතුන් ඒ සතුට විඳපු හැටි
02:20
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18