අයවැය ප්‍රතිපාදන ඵලදායී ව යෙදවීම පිළිබඳ සාකච්ඡාවක්

රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “Clean Sri Lanka” වැඩසටහන සඳහා මෙවර අයවැයෙන් වෙන් කළ රුපියල් බිලියන 05ක ප්‍රතිපාදන වැඩසටහනෙහි මූලික අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ඵලදායීව යෙදවීම පිළිබඳ සාකච්ඡාවක් “Clean Sri Lanka” වැඩසටහනේ අතිරේක ලේකම් ඉංජිනේරු එස්.පී.සී. සූගීෂ්වර මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට චාර්ටඩ් ගොඩනැගිල්ලේ දී අද (18) පැවැත්වුණා.

රට තුළ ආචාර් ධර්ම, සාමාජයීය, පාරිසරික යන සියලු ක්ෂේත්‍රයන්හි නව පරිවර්තනයක් අපේක්ෂා කරමින් “Clean Sri Lanka” වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

“Clean Sri Lanka” වැඩසටහනට අදාළව ඒ ඒ ආයතන මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන්වල සැලසුම් සහ එහිදී මතුව ඇති අභියෝග සහ මූල්‍යමය අවශ්‍යතා පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

ඒ අනුව අදාළ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු වෙත ප්‍රමුඛතා හඳුනා ගනිමින් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම පිළිබඳ මෙහිදී පුළුල් ලෙස විමසා බැලෙනු ඇති.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩලය, විදේශ සබඳතා, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශය, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ සහ මුදල් කොමිසම, බස්නාහිර පළාත් මහ නගර සභාව, බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය යන රේඛීය ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?