අයවැය ප්‍රතිපාදන ඵලදායී ව යෙදවීම පිළිබඳ සාකච්ඡාවක්

රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “Clean Sri Lanka” වැඩසටහන සඳහා මෙවර අයවැයෙන් වෙන් කළ රුපියල් බිලියන 05ක ප්‍රතිපාදන වැඩසටහනෙහි මූලික අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ඵලදායීව යෙදවීම පිළිබඳ සාකච්ඡාවක් “Clean Sri Lanka” වැඩසටහනේ අතිරේක ලේකම් ඉංජිනේරු එස්.පී.සී. සූගීෂ්වර මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට චාර්ටඩ් ගොඩනැගිල්ලේ දී අද (18) පැවැත්වුණා.

රට තුළ ආචාර් ධර්ම, සාමාජයීය, පාරිසරික යන සියලු ක්ෂේත්‍රයන්හි නව පරිවර්තනයක් අපේක්ෂා කරමින් “Clean Sri Lanka” වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

“Clean Sri Lanka” වැඩසටහනට අදාළව ඒ ඒ ආයතන මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන්වල සැලසුම් සහ එහිදී මතුව ඇති අභියෝග සහ මූල්‍යමය අවශ්‍යතා පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

ඒ අනුව අදාළ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු වෙත ප්‍රමුඛතා හඳුනා ගනිමින් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම පිළිබඳ මෙහිදී පුළුල් ලෙස විමසා බැලෙනු ඇති.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩලය, විදේශ සබඳතා, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශය, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ සහ මුදල් කොමිසම, බස්නාහිර පළාත් මහ නගර සභාව, බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය යන රේඛීය ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58