AFC Banner
Empty Ad
Empty Ad

අයවැයේ වියදම් හෙළිවෙයි : මන්ත්‍රීවරයෙකුගේ ආහාර වේලකට රුපියල් 951ක්

අයවැය විවාද පැවැති කාලසීමාවේදි පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යෑම සඳහා රුපියල් කෝටි 80 කට ආසන්න මුදලක් වැය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පසුගිය නොවැම්බර් මස 12 වැනිදා අයවැය කතාව පැවැත්වීය. එදිනට පසු දින එනම් නොවැම්බර් මස 13 වැනිදා සිට අයවැය විවාද ආරම්භවූ අතර එම විවාද අවසන් වූයේ පසුගිය 10 වෙනිදා අයවැය අවසන් ඡන්ද විමසීම පැවැත්වුණු දිනය ද ඇතුළුව පාර්ලිමේන්තුව පැවති දින ගණන 23ක් වනවා.

පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑම සඳහා සාමාන්‍යයෙන් දිනකට වැය වන මුදල ලෙස ගණන් බලා ඇත්තේ රුපියල් දෙකෝටි පනස් හත් ලක්ෂයක පමණ මුදලකි. අයවැය කාලසීමාවේදී පාර්ලිමේන්තුවේ කටයුතු වැඩි වෙලාවක් සක්‍රියව පවතින හෙයින් එම මුදල ඒ කාල සීමාවේදී ඊට වඩා වැඩි වන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසන්නේ.

මන්ත්‍රීවරුන්ගේ සහ පාර්ලිමේන්තු සේවකයන්ගේ වැටුප් හා දීමනා, ආහාර පාන සැපයීම, විදුලිය සහ ජල සැපයුම, ප්‍රවාහන පහසුකම්, ලිපි ද්‍රව්‍ය සැපයීම ඇතුළු කටයුතු වෙනුවෙන් මෙම මුදල වැයවන බව ගණන් බලා ඇතැයි පවසන එම නිලධාරීන් අයවැය කාලයේදී පාර්ලිමේන්තු සභාගර්භයේ සහ අනෙකුත් ස්ථානවල වායු සමීකරණ පද්ධති එක දිගට ක්‍රියාත්මක වන හෙයින් විදුලිය සඳහා විශාල පිරිවැයක් එම කාලයේදී දැරීමට සිදුවන බවද ප්‍රකාශ කර සිටිනවා.

මේ අතර මන්ත්‍රීවරයෙකුගේ ආහාර වේලක් සඳහා (මාළු සහිත) සාමාන්‍යයෙන් දිනකට වැය වන මුදල රුපියල් 951ක් වන අතර එළවළු පමණක් සහිත ආහාර වේලක් සඳහා රුපියල් 629ක් පමණ වැය කෙරෙන බව පාර්ලිමේන්තු විගණන අංශය සඳහන් කර සිටින්නේ.

(උපුටා ගැනීම : ලංකාදීප වෙබ් අඩවිය)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?