අයර්ලන්තය අද ප්‍රබල තැනක සිට ගමන අරඹයි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ කාසිය වාසිය හිමිකරගත් අයර්ලන්ත පළමුව පන්දුවට පහරදීමට ඊයේ තීරණය කළා.

ඒ, අනුව තරගයේ පළමු දිනය අවසන් වනවිට සංචාරක අයර්ලන්තය ප්‍රබල තැනක පසුවුණා.

පළමු දිනය අවසන් වනවිට අයර්ලන්ත ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු 04ක් දැවී ලකුණු 319ක් ලෙසටයි.

අයර්ලන්ත නායක ඇන්ඩි බල්බර්නි සිය දෙවන ටෙස්ට් අර්ධ ශතකය වර්තා කරමින් ලකුණු 95ක් රැස් කළා.

ලකුණු 74ක් ලබා සිටිය දී පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් පෝල් ස්ටර්ලින්ට පිටියෙන් ඉවත්වීමට සිදු වූ අතර, තරගයේ පළමු දිනය අවසන් වනවිට කර්ටිස් කැම්පර් ලකුණු 27ක් සහ ලෝර්කන් ටකර් ලකුණු 78ක් රැස්කරගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටියා.

පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු සහ රමේෂ් මෙන්ඩිස් අයර්ලන්ත පළමු ඉනිමේ එක් කඩුල්ල බැගින් දවාගෙන සිටි අතර, දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය කඩුලු 02ක් දවාගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?