AFC Banner
Empty Ad
Empty Ad

අඹුසැමි යුවළකගේ මළ සිරුරු නිවසකින් හමුවෙයි

මිහින්තලය පොලිස් වසමේ කුංචිකුලම ප්‍රදේශයේ නිවසක් තුළ තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ කාන්තාවකගේ මළ සිරුරක් සහ සියදිවි හානි කරගත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු වී තිබෙනවා.

මෙලෙස හමු වී ඇත්තේ අඹුසැමි යුවළකගේ මළ සිරුරු බවයි ආනාවරණය වී ඇත්තේ.

මෙම අඹුසැමි යුවළ පමණක් මෙම නිවසේ ජීවත්ව සිට ඇති අතර, පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් සිය බිරිඳට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තමන් ද සියදිවි හානි කරගන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

අනුරාධපුර වැඩ බලන මහේස්ත්‍රාත්වරිය විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණයකින් අනතුරුව සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත රැගෙන යාමටයි නියෝග කර ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 61 සහ 56 යන වයස්වල පසු වූ යුවළක්වන අතර, ඔවුන්ට දරුවන් දෙදෙනෙකු ද සිටින බවයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය පිළිබඳව මිහින්තලය පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
8
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?