අමෙරිකාව තීරුබදු ඉහළ දැමීමෙන් ශ්‍රී ලංකාවේ දේශීය ඇඟලුම් ක්ෂේත්‍රයට මරු පහරක් (වීඩියෝ)

අමෙරිකා එක්සත් ජනපදය විසින් තීරුබදු සියයට 44ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පමුණුවාලීම මෙරට ආර්ථිකයට සෘජු ලෙස බලපෑම් එල්ල කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්‍ය ගාමිණී වීරසිංහ මහතා පවසනවා.

විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්‍යයවරයා පැවසුවේ ශ්‍රී ලංකාවේ පැවති දරුණු ආර්ථික අර්බුදයෙන් පසුව ආර්ථිකය වර්ධනය කරගනිමින් සිටින මොහොතක මෙම පීඩනය දරාගැනීම අපහසු බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය කිරීමට නම් ලෝක වෙළෙඳපොළ තුළ අපනයන වෙළෙඳපොළ පුළුල් කරගැනීම වැදගත් වනවා.

මෙරට අපනයනයට වැඩි දායකත්වයක් ලබාදෙන ඇඟලුම් ක්ෂේත්‍රයට අමෙරිකාව විසින් පනවන ලද තීරුබදු වැඩි කිරීම දැඩි ලෙස අහිතකර තත්ත්වයක් ඇති කරන බවත්, මෙරට අපනයනවලින් සියයට 45ක් පමණ ඇඟලුම් භාණ්ඩ සිදු වන බවත් අමෙරිකාවේ ක්‍රියාකලාපය හරහා භාණ්ඩ මිල ඉහළ යන බවයි මහාචාර්‍යවරයා පැවසුවේ.

වැඩි බද්දක් ගෙවීම හේතුවෙන් භාණ්ඩ මිල ඉහළ යාමත්, නිෂ්පාදන මිලදී ගැනීම අඩු වී, දේශීය ඇඟලුම් කර්මාන්තය අසීරු අඩියකට ලක් වන බව ද වාර්තා වනවා.

මෙය වළක්වා ගැනීමට නම් වෙනත් අපනයන වෙළෙඳපොළක් සොයාගත යුතු අතර එය කෙටි කාලයකින් සිදු කිරීමට නොහැකි බව ද ඩොලර් සංචිතවලට සේ ම විනිමය අනුපාතවලට ද බලපෑම් එල්ල කරන බවත් මහාචාර්ය ගාමිණී වීරසිංහ මහතා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
1
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?