අමෙරිකාව තීරුබදු ඉහළ දැමීමෙන් ශ්‍රී ලංකාවේ දේශීය ඇඟලුම් ක්ෂේත්‍රයට මරු පහරක් (වීඩියෝ)

අමෙරිකා එක්සත් ජනපදය විසින් තීරුබදු සියයට 44ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පමුණුවාලීම මෙරට ආර්ථිකයට සෘජු ලෙස බලපෑම් එල්ල කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්‍ය ගාමිණී වීරසිංහ මහතා පවසනවා.

විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්‍යයවරයා පැවසුවේ ශ්‍රී ලංකාවේ පැවති දරුණු ආර්ථික අර්බුදයෙන් පසුව ආර්ථිකය වර්ධනය කරගනිමින් සිටින මොහොතක මෙම පීඩනය දරාගැනීම අපහසු බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය කිරීමට නම් ලෝක වෙළෙඳපොළ තුළ අපනයන වෙළෙඳපොළ පුළුල් කරගැනීම වැදගත් වනවා.

මෙරට අපනයනයට වැඩි දායකත්වයක් ලබාදෙන ඇඟලුම් ක්ෂේත්‍රයට අමෙරිකාව විසින් පනවන ලද තීරුබදු වැඩි කිරීම දැඩි ලෙස අහිතකර තත්ත්වයක් ඇති කරන බවත්, මෙරට අපනයනවලින් සියයට 45ක් පමණ ඇඟලුම් භාණ්ඩ සිදු වන බවත් අමෙරිකාවේ ක්‍රියාකලාපය හරහා භාණ්ඩ මිල ඉහළ යන බවයි මහාචාර්‍යවරයා පැවසුවේ.

වැඩි බද්දක් ගෙවීම හේතුවෙන් භාණ්ඩ මිල ඉහළ යාමත්, නිෂ්පාදන මිලදී ගැනීම අඩු වී, දේශීය ඇඟලුම් කර්මාන්තය අසීරු අඩියකට ලක් වන බව ද වාර්තා වනවා.

මෙය වළක්වා ගැනීමට නම් වෙනත් අපනයන වෙළෙඳපොළක් සොයාගත යුතු අතර එය කෙටි කාලයකින් සිදු කිරීමට නොහැකි බව ද ඩොලර් සංචිතවලට සේ ම විනිමය අනුපාතවලට ද බලපෑම් එල්ල කරන බවත් මහාචාර්ය ගාමිණී වීරසිංහ මහතා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
1
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58