අමෙරිකානු නියෝජිත පිරිසක් සහ ශ්‍රී ලංකා ආරක්‍ෂක ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර විශේෂ හමුවක්

US Institute for Security Governance (ISG) ආයතනයේ නියෝජිත පිරිසක් හා ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය (විශ්‍රාමික) මේජර් ජෙනරල් අරුණ ජයසේකර ඊයේ (ජුනි 26) දින ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමු වී විශේෂ සාකච්ඡාවන් හි නිරත වුණා.

එම අවස්ථාවන්හි දි, මෙරට ආරක්‍ෂක ක්ෂේත්‍රයේ ධාරිතාවන් සහ හමුදාමය හැකියාවන් ගොඩනැගීම පිළිබඳව ප්‍රදාන වශයෙන් අවධානය යොමු වූ අතර, ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා සමඟ අනාගත සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය පූර්ව මඟ පෙන්වීමක් ලබා ගනිමින් ඒ සඳහා ISG ආයතනයෙහි අඛණ්ඩ මුලපිරීම් පිළිබඳ දළ විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීම ද, සිදු වූ බවයි වාර්තා වන්නේ.

සාකච්ඡා අතරතුර ආරක්‍ෂක පරිපාලනය, ආරක්‍ෂක කළමනාකරණය, මෙහෙයුම් සැලසුම් කිරීම, සම්පත් කළමනාකරණය, සැපයුම් ක්‍රියාවලිය, සයිබර් ආරක්‍ෂාව, මානව සම්පත් අධීක්‍ෂණය සහ වෘත්තීය හමුදා අධ්‍යාපනය ඇතුළු පුළුල් පරාසයක විසිරුණු ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ කරුණු ඉදිරිපත් කරනු ලැබීය. විශේෂයෙන් පුළුල් හා ශක්තිමත් වෘත්තීමය අධ්‍යාපන පදනමක් ගොඩනැගීම, පවත්වා ගැනීම සහ හැකියාවන් ශක්තිමත් කිරීමට ඒ සඳහා සුවිශේෂී වන අධ්‍යාපනික සහ වෘත්තීය සංවර්ධන වැඩසටහන්වල කාර්යභාරය පිළිබඳ එක්සත් ජනපද දුත පිරිස අවධාරණය කළා.

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශ ශක්තිමත් කිරීම සඳහා, විශේෂයෙන් වෘත්තීයභාවය, ආයතනික කාර්යක්‍ෂමතාව සහ මානව සම්පත් සංවර්ධනය දියුණු කිරීමේදී ජාත්‍යන්තර සහයක කණ්ඩායම (ISG) ඉටු කළ කාර්යභාරය නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා යන දෙදෙනාම අගය කළා.

ගැඹුරු, දිගුකාලීන හවුල්කාරිත්වයන් සඳහා ශක්තිමත් පදනමක් ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ප්‍රමුඛතා සහ තීරණ ගැනීමේ ක්‍රියාවලීන් පිළිබඳ අවබෝධය ISG නියෝජිතයන් මෙම අවස්ථාවන්හි ලබා ගත්තා.

අමෙරිකානු දූත පිරිසට කලාපීය ව්‍යාපෘති ප්‍රධානී Michael Charles Rembold මහතා සහ ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති සම්බන්ධීකාරක Matt Ashley මහතා ඇතුළත්.

ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක Seth Nevis ඇතුළු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරීන්, ආරක්‍ෂක සහයෝගිතා ප්‍රධානී කාර්යාලයේ ලුතිනන් කමාන්ඩර් Ros Larry ද, ඔවුන් සමඟ එක් වුණා.

මෙම සාකච්ඡාවේ දී ISG නියෝජිත පිරිස සහ ශ්‍රී ලාංකික නියෝජිතයින් අතර සහයෝගීතාව වර්ධනය කෙරුණු අතර, විශ්වාසය සහ අන්‍යෝන්‍ය අවබෝධයද වර්ධනය වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44