අමෙරිකානු උප ජනපති දකුණු ආසියාවේ බලවතා හමුවෙයි

අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී වැන්ස් ඉන්දියාවේ සංචාරයක නිරත වනවා.

ඒ අනුව අමෙරිකානු උප ජනාධිපතිවරයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මුණගැසී ඇති බවයි thehindu වෙබ් අඩවිය වාර්තා කරන්නේ.

මෙම සාකච්ඡා ඉන්දියාවේ දිල්ලි නුවර අගමැති නිල නිවසේ දී සිදු වුණා.

අමෙරිකානු උප ජනාධිපතිවරයා ජායිපූර් හි ඇම්බර් කොටුවට ගොස් රාජස්ථාන් ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ දී එක්සත් ජනපද – ඉන්දියානු සබඳතා පිළිබඳ දේශනයක් පැවැත්වීමටත් සූදානමින් සිටිනවා.

උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් අද (21) උදෑසන දිල්ලියට ගොඩ බැස්සේ ඔහුගේ බිරිඳ උෂා චිලුකුරි සහ ඔවුන්ගේ දරුවන් තිදෙනා සහ එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ (NSC) දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ රිකී ගිල් ඇතුළු එක්සත් ජනපද රජයේ නිලධාරීන් පිරිසක් සමගින් බවයි වාර්තා වන්නේ.

වැන්ස් මහතාට ගුවන්තොටුපළේ දී නිල ගෞරවාචාරයක් පිරිනමන ලද අතර, අද රාත්‍රී භෝජන සංග්‍රහයකට ද වැන්ස් මෝදි සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය සමග එක් වීමට ද නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?