Empty Ad
Empty Ad
AFC Banner

අමෙරිකානු ඉතිහාසයේ ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය ට්‍රම්ප් පත් කරයි

අමෙරිකානු ඉතිහාසයේ ධවල මන්දිරයේ ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් පත් ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇයගේ වයස අවුරුදු 27ක් බවයි.

1997 අගෝස්තු මස 24 වැනිදා උපත ලබා ඇති Karoline Leavitt උපතින්ම අමෙරිකානු ජාතික තරුණියක් වන අතර ඇය වෘත්තියෙන් ලේඛිකාවක් සහ මාධ්‍යවේදිනියක්.

රිපබ්ලිකන් පක්ෂයට දිගු කාලයක සිට නිහඬ සේවයක් දේශපාලනික ව සිදු කළ කැරොලයින් ව ට්‍රම්ප් විසින් පත් කරනු ලැබ ඇත්තේ ධවල මන්දිරය හරහා සිදුවන සෑම කටයුත්තක්ම ජනතාව වෙත ලබාදීමටයි.

කැරොලයින් දක්ෂ, පෞරුෂයෙන් යුතු මෙන්ම ඉතා ඵලදායී සන්නිවේදකයෙකු බව ඔප්පු කර ඇත. ඇය වේදිකාවේ විශිෂ්ට දස්කම් දක්වනු ඇති අතර අපගේ පණිවිඩය අමෙරිකානු ජනතාවට ලබාදීමට උපකාරී වනු ඇතැයි මට උපරිම විශ්වාසයක් ඇත..” යනුවෙන් ට්‍රම්ප්ගේ නිල ප්‍රකාශයෙකු බීබීසී වෙත සඳහන් කර තිබෙනවා.

1969 දී හිටපු ජනාධිපති රිචඩ් නික්සන්ගේ පාලනයෙන් පසු වයස අවුරුදු 30 ට අඩු අයෙකු මෙම තනතුර දරා නැති බව ද පැවසෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?