අමෙරිකානු ඉතිහාසයේ ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය ට්‍රම්ප් පත් කරයි

අමෙරිකානු ඉතිහාසයේ ධවල මන්දිරයේ ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් පත් ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇයගේ වයස අවුරුදු 27ක් බවයි.

1997 අගෝස්තු මස 24 වැනිදා උපත ලබා ඇති Karoline Leavitt උපතින්ම අමෙරිකානු ජාතික තරුණියක් වන අතර ඇය වෘත්තියෙන් ලේඛිකාවක් සහ මාධ්‍යවේදිනියක්.

රිපබ්ලිකන් පක්ෂයට දිගු කාලයක සිට නිහඬ සේවයක් දේශපාලනික ව සිදු කළ කැරොලයින් ව ට්‍රම්ප් විසින් පත් කරනු ලැබ ඇත්තේ ධවල මන්දිරය හරහා සිදුවන සෑම කටයුත්තක්ම ජනතාව වෙත ලබාදීමටයි.

“කැරොලයින් දක්ෂ, පෞරුෂයෙන් යුතු මෙන්ම ඉතා ඵලදායී සන්නිවේදකයෙකු බව ඔප්පු කර ඇත. ඇය වේදිකාවේ විශිෂ්ට දස්කම් දක්වනු ඇති අතර අපගේ පණිවිඩය අමෙරිකානු ජනතාවට ලබාදීමට උපකාරී වනු ඇතැයි මට උපරිම විශ්වාසයක් ඇත..” යනුවෙන් ට්‍රම්ප්ගේ නිල ප්‍රකාශයෙකු බීබීසී වෙත සඳහන් කර තිබෙනවා.

1969 දී හිටපු ජනාධිපති රිචඩ් නික්සන්ගේ පාලනයෙන් පසු වයස අවුරුදු 30 ට අඩු අයෙකු මෙම තනතුර දරා නැති බව ද පැවසෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46