අමෙරිකානු ආධාර ශ්‍රී ලංකාවට ලබාදීමේ ක්‍රමවේද ගැන අගමැතිනි හා චන්ග් අතර සාකච්ඡාවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලි ජේ. චන්ග් මහත්මිය අතර හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්වුණා.

එක්සත් ජනපද විදේශ ආධාර ශ්‍රී ලංකාවට ලබාදීමේ ක්‍රමවේදයන් සහ දෙරට අතර තිරසර සහයෝගීතාව සඳහා දායක විය හැකි මාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ගැනුණු බවයි වාර්තා වන්නේ.

එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් පුළුල් සමාලෝචනයක් බලාපොරොත්තුවෙන් සිටින, විදේශ ආධාර සඳහා මෑතකදී පනවා ඇති මාස තුනක තාවකාලික අත්හිටුවීම් නියෝගය පිළිබඳව නියෝජිත පිරිස අග්‍රාමාත්‍යවරියට මෙහිදී පැහැදිලි කළා.

විශේෂයෙන් කාන්තාවන් සඳහා වන සුරැකුම් නිවාස ව්‍යාපෘතිය වැනි ප්‍රධාන සංවර්ධන වැඩසටහන් කෙරෙහි බලපෑම සහ ආධාරක යාන්ත්‍රණය කඩාකප්පල් වුවහොත් ඇති වන පුළුල් මානුෂීය ගැටළු සඳහා ලබාගත හැකි විසඳුම් පිළිබඳව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වූ බවයි වාර්තා වන්නේ.

සංවර්ධනයේ ගෝලීය ප්‍රමුඛයෙකු ලෙස එක්සත් ජනපදයේ තීරණාත්මක කාර්යභාරය සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරුණා.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රමුඛතා සඳහා අඛණ්ඩ සහයෝගය ලබාදීමට ඇති විකල්ප ක්‍රම හඳුනා ගැනීම සඳහා එක්සත් ජනපදය ගන්නා උත්සාහය පිළිබඳ මෙහිදී අග්‍රාමාත්‍යවරියගේ විශේෂ අවධානය යොමු වූ බවයි පැවසෙන්නේ.

ආර්ථික ස්ථාවරභාවය ශක්තිමත් කිරීමේ දී සහ රටේ දිගුකාලීන සංවර්ධන වැඩපිළිවෙළට සහාය වීමේ දී ඇමරිකාව පැන වූ තීරුබදුවල බලපෑම පිළිබඳව සාකච්ඡා කිරීම ද මෙහිදී සිදු වුණා.

USAID ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වැඩබලන මෙහෙයුම් අධ්‍යක්ෂ සහ වැඩසටහන් කාර්යාල අධ්‍යක්ෂිකා මොරීන් හසියා, අවදානමට ලක්විය හැකි ජන කණ්ඩායම් පිළිබඳ කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ ඇන්ජලිනා හර්මන්, ආර්ථික වර්ධන කාර්යාලයේ ව්‍යාපෘති කළමනාකරණ විශේෂඥ නිර්මි විතාරණ, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු අමාත්‍යාංශයේ උතුරු ඇමරිකානු අංශයේ අධ්‍යක්ෂිකා ප්‍රමුදිතා මුණසිංහ යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46