spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අම්මේ තාත්තේ ඔබේ දරුවා ප්‍රවේසම් කරගන්න – මත්කාරක ගුලිවර්ග ගිලින පාසැල් සිසුන් හැමතැනම

මත්කාරක ගුලිවර්ග භාවිතයට තරුණ පිරිස මෙන්ම පාසල් සිසුන්ද යොමුවීමේ ඉහළ ප්‍රවණතාවක් ඇතැයි මානසික සෞඛ්‍ය පදනමේ සභාපති සහ ශ්‍රී ජවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඥානදාස පෙරේරා මහතා පවසනවා.

මත්ගුලි භාවිතය වැඩිවීමෙන් මානසික විකෘතින් සහිත ප්‍රජාවක් බිහිවීමේ දැඩි අවදානමක් පවතින බව කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මහාචාර්ය ඥානදාස පෙරේරා මහතා පවසා සිටියා.

නීත්‍යානුකූල මත්පැන්වල මිල ඉහළ යාම මෙවැනි දේ භාවිතයට හේතුවක් බවද මත්ගුලි මිල අඩු මත් ආදේශයක් හේතුවෙන් තරුණ ප්‍රජාව සහ පාසල් ළමුන් මෙයට වැඩි ඇබ්බැහියක් දක්වන බව ඔහු පවසා සිටියා.

මේ හේතුවෙන් මානසික විකෘතීන් සහිත ප්‍රජාවක් බිහිවීමේ අවධානමක් ඇති බවද ඔහු ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?