අම්බලන්ගොඩ වෙඩි තැබීමක් (වීඩියෝ)

අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කර ඇති අතර සැකකරුවන් සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

පාසල අවසන් වී තම දරුවා රැගෙන යාමට පැමිණ සිටියදී මෙම පුද්ගලයා වෙඩි ප්‍රහාරයට ලක්ව ඇතැයි සඳහන්.

ඔහු අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක්.

තුවාලකරු බලපිටිය මූලිය රෝහලට ඇතුලත් කර ඇති අතර අප වාර්තාකරු සඳහන් කළේ එම පුද්ගලයාගේ උදර ප්‍රදේශයට වෙඩි ප්‍රහාරයෙන් තුවාල සිදුවී ඇති බවයි.

මෙම පුද්ගලයා තම දරුවා රැගෙන ඒමට වෑන් රථයකින් යමින් සිටියදී වෙඩි ප්‍රහාරය එල්ලවී ඇතැයි සඳහන්.

පසුව ඔහු මාර්ගය දිගේ දිවගොස් හිතවතෙකුගේ යතුරුපැදියකින් රෝහලට ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

තුවාලකරු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කොස්ගොඩ සුජී නැමැත්තාගේ හිතවෙතෙකු බවටයි මූලික පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇත්තේ.

සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරුක් අනාවරණ වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
2
+1
2
+1
4
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22