spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අම්බලන්ගොඩ වෙඩි තැබීමක් (වීඩියෝ)

අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කර ඇති අතර සැකකරුවන් සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

පාසල අවසන් වී තම දරුවා රැගෙන යාමට පැමිණ සිටියදී මෙම පුද්ගලයා වෙඩි ප්‍රහාරයට ලක්ව ඇතැයි සඳහන්.

ඔහු අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක්.

තුවාලකරු බලපිටිය මූලිය රෝහලට ඇතුලත් කර ඇති අතර අප වාර්තාකරු සඳහන් කළේ එම පුද්ගලයාගේ උදර ප්‍රදේශයට වෙඩි ප්‍රහාරයෙන් තුවාල සිදුවී ඇති බවයි.

මෙම පුද්ගලයා තම දරුවා රැගෙන ඒමට වෑන් රථයකින් යමින් සිටියදී වෙඩි ප්‍රහාරය එල්ලවී ඇතැයි සඳහන්.

පසුව ඔහු මාර්ගය දිගේ දිවගොස් හිතවතෙකුගේ යතුරුපැදියකින් රෝහලට ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

තුවාලකරු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කොස්ගොඩ සුජී නැමැත්තාගේ හිතවෙතෙකු බවටයි මූලික පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇත්තේ.

සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරුක් අනාවරණ වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
2
+1
2
+1
4
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?