පසුගිය 22 වැනිදා අම්බලන්ගොඩ නගරයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වුණා.
ඒ අනුව සිදුකළ විමර්ශනයකට අනුව ඊයේ (24) දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙක් කොල්ලුපිටිය ප්‍රදේශයේ ලැඟුම්හලක සිටියදී අත්අඩංගුවට ගෙන අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 36 ක් වන බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලසිය සඳහන් කළේ.
අම්බලන්ගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




