Empty Ad
Empty Ad
AFC Banner

අම්පාරේ අතුරුදන් වූ සිසුන් තාම හමු වී නැහැ – විමලසුරේන්ද්‍ර, හැඩඔය වාන් දමයි

ඉහළ ජල පෝෂිත කලාපයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කලාවැව වාන් මට්ටමට පැමිණ ඇති බවට වාර්තා වනවා.

මේ වන විට (27) අක්කර අඩි 85,500 ක ජල ධාරිතාවක් දක්වා ජල මට්ටම පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් කලාවැව හදිසි වාන් දොරටු දෙක අඩි 10ක් දක්වා විවෘත කිරීමටයි කලාවැව භාර වාරි ඉංජිනේරුවරයා කටයුතු කර තිබෙන්නේ.

එමගින් තත්ත්පරයට ඝන අඩි 10,420ක ජල ධාරිතාවක් කලාඔයට නිකුත් වනවා.

එමෙන්ම දිවයින පුරා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් සියඹලාණ්ඩුව හැඩඔය පිටාර ගැලීම ආරම්භ වී තිබෙනවා.

අයහපත් කාලගුණය නිසා උතුරේ පුද්ගලයින් 53,000ක් පීඩාව ලක් ව ඇති බවයි වාර්තා වන්නේ.

එහි වැඩිම බලපෑම මන්නාරම සිදු ව තිබෙනවා.

ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් සහ ඇති වූ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් උතුරු පළාතේ පවුල් 15,128කට අයත් පුද්ගලයින් 53,152 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇති බවට ආපදා කළමනාකරණ ඒකකය පවසනවා.

උතුරු පළාතේ වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ මන්නාරම් දිස්ත්‍රික්කයට වන අතර එහි පවුල් 12,485කට
අයත් පුද්ගලයින් 43,679 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.

යාපනය දිස්ත්‍රික්කයේ ද පවුල් 2040කට අයත් පුද්ගලයින් 7436 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පවුල් 497කට අයත් පුද්ගලයින් 1691 දෙනෙකු සහ මුලතිව් පවුල් 106කට අයත්
පුද්ගලයින් 346 දෙනෙකු පීඩවන්ට පත්ව සිටින බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මේ අතර මධ්‍යම කඳුකරයට තවදුරටත් කඩින් කඩ තද වැසි ඇති වන බවත් වාර්තා වනවා.

මේ හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය ද වාන් දමමින් සිටින බවයි පැවසෙන්නේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය අද (27) අලුයම සිට වාන් දැමීම ආරම්භ වුණා.

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ද ඉහළ යමින් පවතින බවයි වාර්තා වන්නේ.

පවතින අයහපත් කාලගුණයත් සමග නෝටන්බ්‍රිජ් ප්‍රදේශය පුරා ගන මීදුම් තත්ත්වයක් ද හටගෙන තිබෙනවා.

එබැවින් පොලිසිය ඉල්ලා සිටින්නේ රියදුරන් සිය රථවාහනවල ඉදිරිපස ලාම්පු දල්වා ගමන් කිරීම වැදගත් බවයි.

මේ අතර ඊයේ රාත්‍රියේ දී අම්පාර – කාර්තිව් මාවඩිපල්ලි ප්‍රදේශයේ දී සිසුන් පිරිසක් රැගත් ට්‍රැක්ටරයක් පෙරළීමෙන් අතුරුදන් වූ සිසුන් 06 දෙනාගේ සිරුරු මෙතෙක් හමු වී නැහැ.

නාවික හමුදාවේ දායකත්වයෙන් එම මෙහෙයුම් දිගින් දිගටම සිදු වන බවත් වාර්තා වනවා.

කෙසේවෙතත් අවතැන් වූවන් සඳහා අවශ්‍ය සියලුම පහසුකම් සලසමින් සිටින බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
6
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීසර්ලා එක්ක එකතුවෙලා OIC දාපු සෙල්ලම් මාට්ටු - මෙන්න හඬපටය
30:47
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
01:13
Video thumbnail
මොනවා නැතත් හැමදාම Show නම් දානවා - වසන්ත අද කියන පම්පෝරිය
05:50
Video thumbnail
විදුලි බිල අඩුකිරීම අවුරුද්ද පුරා කරන්න
07:37
Video thumbnail
චීනෙට ගුඩ් බායි කියා මහ රෑ දිවයින ආපු ජනපති
02:34
Video thumbnail
ජාතික කාන්තා එකමුතුව ෆයර් වෙයි - ආණ්ඩුව දාන වෙට්ටු වලට මේන් පිළිතුරු
09:46
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:36
Video thumbnail
විදුලි බිලෙන් දුන්න සහනය ඉතා අගෙයි - මේකට බැරියර් දාන්න යන්න එපා
04:57
Video thumbnail
20% විදුලි බිල අඩු කළාටමහජන උපයෝගිතා කොමිසමට ස්තූතියි
06:14
Video thumbnail
කෝච්චි පෙට්ටියේ Massage කරන එක හොඳයිද? අපිලගේ සාදුට යකා වැහෙයි
05:05

?