බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස්ගේ මව වන, කිම් ෆර්නැන්ඩස් මියගොස් තිබෙනවා.
කලක සිට රෝගී තත්ත්වයෙන් පෙළුණු ඇය මුම්බායි හි ලීලාවතී රෝහලේදී ඊයේ (06) මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
පසුගිය මාර්තු 24 වන දින හෘදයාබාධයකට ලක්වීමෙන් පසු ඇය රෝහල් ගත කළ අතර, එදින සිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බවයි වාර්තා වුණේ.
කිම් ෆර්නැන්ඩස් මැලේසියානු සහ කැනේඩියානු සම්භවයක් ඇති කාන්තාවක්වන අතර, ඇය බහරේනයේ ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කර තිබෙනවා.
ඇය මීට පෙර 2022 දී මෙවැනිම සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දී ඇති අතර එහිදී බහරේනයේ රෝහලකට ඇයව ඇතුළත් කර තිබුණා.














May her soul rest in peace.