කෝසලගේ අභාවයෙන් මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් – පාර්ලිමේන්තුව මැතිවරණ කොමිසමට කියයි

කෝසල නුවන් ජයවීර මන්ත්‍රීවරයාගේ අභාවය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා.

ජාතික ජනබලවේගය නියෝජනය කළ, කෑගල්ල මැතිවරණ කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරගේ අභාවය හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(අ) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව 2025 අප්‍රේල් මස 06 වැනි දින සිට දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම් චමින්ද කුලරත්න මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දැනුම්දී ඇති බවයි පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාල දැනුම් දෙන්නේ.

1988 අංක 35 දරන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනතින් සංශෝධිත 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව මෙම දැනුම් දීම සිදුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06