වාහන ලියාපදිංචියේ දී හෝ පැවරීමේ දී සිදුවන ක්‍රියාවලියේ අද සිට වෙනස්වීමක්

වාහන ලියාපදිංචියේ දී හෝ පැවරීමේ දී ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී ඇති බවට සහ ඒ බව විධිමත් දිවුරුම් ප්‍රකාශයක් මගින් තහවුරු කිරීම සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතාගේ අත්සනින් යුතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය ප්‍රකාරව ඉහත කරුණට අදාළ ව මාර්තු 28 වැනි දින නිකුත් කරන ලද 08/2025 අංක දරන චක්‍රලේඛය අනුව යතුරුපැදි, අත් ට්‍රැක්ටර්, ට්‍රැක්ටර්, ට්‍රැක්ටර් ටේලර් හා ත්‍රීවීල් හැර අනෙකුත් සියලු ම මෝටර් වාහන ලියාපදිංචියේ දී හෝ පැවරීමේ දී අදාළ අයිතිකරු ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී ඇති බවට ආදායම් බදු දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති බදු ගෙවන්නා හඳුනා ගැනීමේ පත්‍රය සහතික කළ පිටපතක් සහ ඒ බව තහවුරු කිරීමට විධිමත් දිවුරුම් ප්‍රකාශයක් සමග අප්‍රේල් මස 01 වැනි දින සිට ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බව දැනුම්දී තිබෙනවා.

එම දිනය අප්‍රේල් මස 15 වැනි දිනය දක්වා දීර්ඝ කරන බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

  1. වාහනයක් අපේ නමට බැංකුව හරහා ගෙන්වීමෙන් අනතුරුව,ආදායම් බද්දෙන් නිදහස් රජයේ සේවකයකු නම් කොහොමද ලියාපදිංචි කරන්නේ.
    බදු ගෙවන්නා හදුනා ගැනීමේ අයදුම් පතක් එවනවද



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22