මෙරට සමස්ත ජනගහණය ගැන අනාවරණයක්

2024 වසරේදී සිදුකළ සංගණනයේ දී මෙරට ජනගහණය 21,763,170ක් බවට වාර්තා වී ඇති බව ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ 2012 වසරේ සිදුකළ සංගණනයට සාපේක්ෂව 2024 වසරේ දී සිදුකළ සංගණනය අනුව මෙරට ජනගහණය 1,403,731කින් ඉහළ ගොස් ඇති බවයි.

පළාත් අනුව ගත් විට මෙරට මුළු ජනගහණයෙන් 28.1%ක වැඩිම ජනගහණයක් බස්නාහිර පළාතේ පදිංචිව සිටින අතර 5.3%ක් වූ අඩුම ජනගහණය පදිංචිව ඇත්තේ උතුරු පළාත තුළ බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඊට අමතරව දිස්ත්‍රික්ක මට්ටමින් සැලකූ විට වැඩිම ජනගහණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 2,433,685ක්.

දෙවන තැන කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එය 2,374,461ක් වනවා.

මේ අනුව මිලියන 02කට වැඩි ජනගහණයක් පදිංචිව ඇත්තේ මෙම දිස්ත්‍රික්ක දෙක තුළ පමණක් බව ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ගම්පහ සහ කොළඹ හැරුණු විට වැඩි ජනගහණයන් ඇති දිස්ත්‍රික්ක පිළිවෙළින් කුරුණෑගල 1,760,829ක්, මහනුවර 1,461,269ක්, කළුතර 1,305,552ක්, රත්නපුර 1,145,138ක්, ගාල්ල 1,096,585ක් ලෙස දැක්වෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම දිවයිනේ ජනගහණය අඩු දිස්ත්‍රික්ක ලෙස මුලතිව් දිස්ත්‍රික්කය 122,542ක්, මන්නාරම 123,674ක්, කිළිනොච්චි 136,434ක් සහ වවුනියා 172,257ක් ලෙස ද වාර්තා වී තිබෙනවා.

මේ අතර වැඩිම සාමාන්‍ය වර්ධන වේගයක් වාර්තා වී ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයෙන් වන අතර, එය 2.23ක් ලෙසද සටහන් වී ඇති අතර, අවම සාමාන්‍ය වර්ධන වේගයක් වාර්තා වී ඇත්තේ වවුනියා දිස්ත්‍රික්කයෙන්.

එය 0.001ක් ලෙස වාර්තා වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33