සිංහල අවුරුද්දට ගමේ යන අයට විශේෂ ප්‍රවාහන සැලැස්මක්

එළඹෙන උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ ප්‍රවාහන පහසුකම් සැපයීම වෙනුවෙන් ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් සකස්කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය සමඟ එක්ව මෙම ප්‍රවාහන සැලැස්මක් සකස්කර ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

ඒ, අනුව ප්‍රේල් මස 09 වන දින සිට 21 දක්වා කාලය තුළ මෙම විශේෂ ප්‍රවාහන සැලැස්ම ක්‍රියාත්මක කරන බව එම කොමිෂන් සභාවේ ධාවන හා සේවා අධ්‍යක්ෂ ෂෙරින් අතුකෝරළ පැවසුවා.

මෙම කාල සීමාව තුළ ස්ථිර කාලසටහන්වල ධාවනය වන බස් රථවලට අමතරව අතිරේක ගමන්වාර 500ක් ධාවනයට එක්කරන බවයි ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල, මහනුවර හා ගාල්ල යන ගමනාන්ත වලට සාමාන්‍ය ගමන්වාර වලට අතිරේකව විශේෂ දුම්රිය සේවා යෙදවීමට සැලසුම්කර තිබෙනවා.

එමෙන්ම මාකුඹුර, කඩවන, කඩුවෙල හා කොළඹ බැස්ටියන් මාවත කේන්ද්‍ර කරගෙන අධිවේගී මාර්ගය හරහා ගාල්ල, මාතර, බදුල්ල, තංගල්ල, කතරගම වැනි ගමනාන්ත කරා ද මගී ප්‍රවාහන සේවා සැපයීම සඳහා අතිරේක බස් රථ ගමන්වාර 350ක් යෙදවීමට කටයුතු සැලසුම් කර ඇති බවයි වාර්තා වුණේ.

ඉහත කාල සීමාව තුළ දවසේ පැය 24ම ආවරණය වන මෙහෙයුම් මැදිරියක් සහ පාරිභෝගික සත්කාර ඒකකයක් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ස්ථාපිත කර ඇති අතර, 1955 ක්ෂණික දුරකථන ඇමතුම් අංකය සහ 0712595555 අංකය හරහා Whatsapp මගින් ඕනෑම මගියෙකුට ඒ හා සම්බන්ධවීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම ගමනාගමන මණ්ඩලයේ බස්රථ සම්බන්ධයෙන් විස්තර 1958 සහ දුම්රිය විමසීම 1971 අංකය ඇමතීමෙන් ලබා ගත හැකියි.

ගම්බිම් බලා ගිය ජනතාව නැවත කොළඹ හා තදාසන්න නගර කරා රැගෙන ඒම සඳහා ද අදාළ පළාත් ප්‍රවාහන අධිකාරී සමඟ එක්ව බස් රථ සේවා සැපයීමටද අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56