අමරවීර, ලසන්ත සහ දුමින්ද තනතුරුවලින් ඉවත් කිරීමට එරෙහිව වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක ඉවත් කිරීම වළක්වාලමින් අධිකරණ විසින් වාරණ නියෝගයක් නිකුත්කර තිබෙනවා.

කොළඹ දිසා අධිකරණය විසින් අද (01) දින මෙම වාරණ නියෝගය නිකුත්කර ඇති බව සඳහන්.

ජ්‍යෙෂ්ඨ උප සභාපති තනතුරින් අමාත්‍ය මහින්ද අමරවීර ද, භාණ්ඩාගාරික තනතුරින් ලසන්ත අලගියවන්න ද, ජාතික සංවිධායක ධුරයෙන් දුමින්ද දිසානායක ද ඉවත් කිරීමට පසුගිය දා (30) රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දී තීරණය කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?