අමතක නොවන ගී රැසක් ලියූ කැමිලස් පෙරේරා දිවිගමනට සමුදෙයි

ප්‍රවීණ ගීත රචක කැමිලස් පෙරේරා මහතා අද (17) අභාවප්‍රාප්ත වී තිබෙනවා‍.

කලක් රෝගාතුරව සිටි කැමිලස් පෙරේරා මහතා මියයන විට 74 වැනි වියේ පසුවූණා.

කැමිලස් පෙරේරා මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා හෙට(18) උදෑසන 9.00 සිට පස්වරු 3.00 දක්වා වත්තල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබීමට කටයුතු සූදානම් කර ඇති අතර අවසන් කටයුතු පස්වරුවේ වත්තල රෝමානු කතෝලික දේවස්ථාන සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

හද විලේ, විකසිත වත කමලේ, උන්මාද වූ ප්‍රේමාදරේ, හිමිනැති පෙමකට, පැතුම් ලොවේ වැනි අතිශය ජනප්‍රිය ගීත රැසක් ඔහු විසින් රචනා කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?