අභියෝග මැද ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වේගවත්ව ඉදිරියට – ශෙහාන් සේමසිංහ

අභියෝග මධ්‍යයේ වුව ද සෙසු රටවල් හා සසඳන කළ ශ්‍රී ලංකාව ණය බේරුම් කිරීමේ ක්‍රියාවලියේ දී වේගවත් ප්‍රගතියක් ලබා සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව තවදුරටරත් තිරසර සංවර්ධන අරමුණු වෙනුවෙන් කැපවන බවයි.

එක්සත් ජාතීන්ගේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, දිළිඳුකම පිටුදැකීම සහ සංවර්ධනය උදෙසා මුදල් යෙදවීම පිළිබඳ කමිටුවේ හතර වැනි සැසිවාරයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මැදි ආදායම් ලබන රටක් බවට පත් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට සහනදායි ණය ලබාගැනීමේ ගැටලුවකට මුහුණදීමට සිදු වූ බවයි ඔහු එහිදී සඳහන් කළේ.

පසුගිය සමයේ ඇති වූ ණය අර්බුදයත් සමඟ එම තත්ත්වය තව දුරටත් උග්‍ර වූ බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

දැනට ක්‍රියාත්මක ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් වීමෙන් අනතුරුව සහනදායී මූල්‍යකරණය යටතේ ආයෝජන අවස්ථා සඳහා වැඩි ඉඩකඩක් ලබාදීම වැදගත් බව ද ඔහු පැවසුවා.

ණය පීඩනයෙන් ස්ථිර ලෙස මිදීමට ණය නොවන ප්‍රතිපාදන ලැබීමේ මාර්ග පුළුල් කිරීම අත්‍යාවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව ලෝකය සමඟ ආර්ථක සම්බන්ධතා පුළුල් කරමින් විශාලතම ආර්ථික ප්‍රදේශයවන නැගෙනහිර ලෝකය සමඟ ආර්ථික හවුල්කාරීත්වයකට සූදානම් වන බවයි.

අර්බුදකාරී තත්ත්වයෙන් පසු ශ්‍රී ලංකාව සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයේ වැඩි දායකත්වයක් ලබාගැනීමට අපේක්ෂා කරන අතර, පෞද්ගලික අංශය සඳහා වැඩි ආයෝජන අවස්ථා විවෘත වන විට බහු පාර්ශ්වීය සංවර්ධන බැංකු, හවුල්කරුවන් ඊට සහය දැක් විය යුතු බවද ඔහු සඳහන් කර සිටියා.

එමඟින් ආයෝජකයන්ගේ අවදානම අවම කිරීමට හැකි වනු ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

සිය යෝජනාව වන්නේ තනි තනිව රටවල් සංවර්ධනය කිරීම සඳහා තරග කිරීම වෙනුවට සෑම කෙනෙකුගේම ජීවන තත්ත්වය නංවාලීම සඳහා කලාපීය සංවර්ධනය ඇති කිරීම බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

එක්සත් ජාතීන්ගේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, දිළිඳුකම පිටුදැකීම සහ සංවර්ධනය උදෙසා මුදල් යෙදවීම පිළිබඳ සමුළුව තායිලන්තයේ බැංකොක් නුවර දී ඊයේ (01) ආරම්භ වූ අතර එය හෙට (03) දිනය දක්වා පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00


?