අභියෝග මැද ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වේගවත්ව ඉදිරියට – ශෙහාන් සේමසිංහ

අභියෝග මධ්‍යයේ වුව ද සෙසු රටවල් හා සසඳන කළ ශ්‍රී ලංකාව ණය බේරුම් කිරීමේ ක්‍රියාවලියේ දී වේගවත් ප්‍රගතියක් ලබා සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව තවදුරටරත් තිරසර සංවර්ධන අරමුණු වෙනුවෙන් කැපවන බවයි.

එක්සත් ජාතීන්ගේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, දිළිඳුකම පිටුදැකීම සහ සංවර්ධනය උදෙසා මුදල් යෙදවීම පිළිබඳ කමිටුවේ හතර වැනි සැසිවාරයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මැදි ආදායම් ලබන රටක් බවට පත් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට සහනදායි ණය ලබාගැනීමේ ගැටලුවකට මුහුණදීමට සිදු වූ බවයි ඔහු එහිදී සඳහන් කළේ.

පසුගිය සමයේ ඇති වූ ණය අර්බුදයත් සමඟ එම තත්ත්වය තව දුරටත් උග්‍ර වූ බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

දැනට ක්‍රියාත්මක ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් වීමෙන් අනතුරුව සහනදායී මූල්‍යකරණය යටතේ ආයෝජන අවස්ථා සඳහා වැඩි ඉඩකඩක් ලබාදීම වැදගත් බව ද ඔහු පැවසුවා.

ණය පීඩනයෙන් ස්ථිර ලෙස මිදීමට ණය නොවන ප්‍රතිපාදන ලැබීමේ මාර්ග පුළුල් කිරීම අත්‍යාවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව ලෝකය සමඟ ආර්ථක සම්බන්ධතා පුළුල් කරමින් විශාලතම ආර්ථික ප්‍රදේශයවන නැගෙනහිර ලෝකය සමඟ ආර්ථික හවුල්කාරීත්වයකට සූදානම් වන බවයි.

අර්බුදකාරී තත්ත්වයෙන් පසු ශ්‍රී ලංකාව සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයේ වැඩි දායකත්වයක් ලබාගැනීමට අපේක්ෂා කරන අතර, පෞද්ගලික අංශය සඳහා වැඩි ආයෝජන අවස්ථා විවෘත වන විට බහු පාර්ශ්වීය සංවර්ධන බැංකු, හවුල්කරුවන් ඊට සහය දැක් විය යුතු බවද ඔහු සඳහන් කර සිටියා.

එමඟින් ආයෝජකයන්ගේ අවදානම අවම කිරීමට හැකි වනු ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

සිය යෝජනාව වන්නේ තනි තනිව රටවල් සංවර්ධනය කිරීම සඳහා තරග කිරීම වෙනුවට සෑම කෙනෙකුගේම ජීවන තත්ත්වය නංවාලීම සඳහා කලාපීය සංවර්ධනය ඇති කිරීම බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

එක්සත් ජාතීන්ගේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, දිළිඳුකම පිටුදැකීම සහ සංවර්ධනය උදෙසා මුදල් යෙදවීම පිළිබඳ සමුළුව තායිලන්තයේ බැංකොක් නුවර දී ඊයේ (01) ආරම්භ වූ අතර එය හෙට (03) දිනය දක්වා පැවැත්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56