අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් දිනේෂ් ගුණවර්ධන කොළඹ ධර්මායතනයට සහ නාරාහේන්පිට අභයාරාමයට ඊයේ (22) පස්වරුවේ ගොස් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තා.
පළමුව කොළඹ බෞද්ධාලෝක මාවතේ ධර්මායතනයට පැමිණි අග්‍රාමාත්‍යවරයා ආගමික වතාවත්වල නිරතව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තා.
එහිදී පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විශේෂ අනුශාසනාවක් ද සිදුකළ අතර, මෙම අවස්ථාවට ගුණදාස අමරසේකර ඇතුළු ජාතික සංවිධාන නායකයින්, විද්වත්තුන් සහ වෘත්තීය සමිතිද එක්ව සිටියා.
ඉන් අනතුරුව අග්‍රමාත්‍යවරයා නාරාහේන්පිට අභයාරාමයට පැමිණ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තා.
එම අවස්ථාවට හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ සහ පොදුජන පෙරමුණට, කොමියුනිස්ට් පක්ෂයට, සම සමාජ පක්ෂයට අනුබද්ධිත වෘත්තීය සමිති ඇතුළු වෘත්තීය සමිති නායකයින් රැසක් එක් වුණා.