අභිනව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහා සංඝරත්නයේ ආශිර්වාද ලබාගනී (ඡායාරූප)

අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් දිනේෂ් ගුණවර්ධන කොළඹ ධර්මායතනයට සහ නාරාහේන්පිට අභයාරාමයට ඊයේ (22) පස්වරුවේ ගොස් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තා.

පළමුව කොළඹ බෞද්ධාලෝක මාවතේ ධර්මායතනයට පැමිණි අග්‍රාමාත්‍යවරයා ආගමික වතාවත්වල නිරතව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තා.

එහිදී පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විශේෂ අනුශාසනාවක් ද සිදුකළ අතර, මෙම අවස්ථාවට ගුණදාස අමරසේකර ඇතුළු ජාතික සංවිධාන නායකයින්, විද්වත්තුන් සහ වෘත්තීය සමිතිද එක්ව සිටියා.

ඉන් අනතුරුව අග්‍රමාත්‍යවරයා නාරාහේන්පිට අභයාරාමයට පැමිණ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තා.

එම අවස්ථාවට හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ සහ පොදුජන පෙරමුණට, කොමියුනිස්ට් පක්ෂයට, සම සමාජ පක්ෂයට අනුබද්ධිත වෘත්තීය සමිති ඇතුළු වෘත්තීය සමිති නායකයින් රැසක් එක් වුණා.

5a236114 0ac2 4675 bade c2704929dd47
22d067b8 ae2c 4b30 a295 599669f2bae7
37b12dc2 d293 42d1 ac02 72ca9dfc776f
a5c976b0 c3e9 4a6d 89e9 dc9e5a425345
b8db0b82 8178 4042 8509 19f9cb2c20b6
be27c18d 07ce 4374 9bef 4544e6d723e7
f22343fc db46 44c3 b221 94753bd1cab2
fbdfb2a2 1710 472b b8ff e38abe3664cb


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18