අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු අද (17) දිනයේ සිදු කිරීමට නියමිතයි.
මහනුවර, නිත්තවෙල, මහයියාව ප්‍රදේශයේ පිහිටි පවුලේ සුසාන භූමියේ දී එම අවසන් කටයුතු සිදු කිරීමටයි සැලසුම්කර ඇත්තේ.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වූ ලොහාන් රත්වත්තේගේ දේහය මේ වනවිට රත්වත්තේ වලව්වේ තැන්පත් කර තිබෙනවා.
හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඊයේ (16) දිනයේ දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් එහි පැමිණියා.
1968 වසරේ ජුනි මස 22 වනදා උපත ලැබූ ලොහාන් රත්වත්තේ, හිටපු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ ජනරාල් අනුරුද්ධ රත්වත්තේගේ වැඩිමල් පුත්‍රයා වනවා.
ඔහු 2010 වසරේ දී පර්ලිමේන්තුවට තේරී පත්වූ අතර, එතැන් සිට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව දක්වා පර්ලිමේන්තුව නියෝජනය කරමින් විවිධ තනතුරු හොබවනු ලැබුවා.
අවසන් වරට ඔහු රනිල් වික්‍රමසිංහ පානය සමයේ වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළා.





