අභාවප්‍රාප්ත ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු අද (17) දිනයේ සිදු කිරීමට නියමිතයි.

මහනුවර, නිත්තවෙල, මහයියාව ප්‍රදේශයේ පිහිටි පවුලේ සුසාන භූමියේ දී එම අවසන් කටයුතු සිදු කිරීමටයි සැලසුම්කර ඇත්තේ.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වූ ලොහාන් රත්වත්තේගේ දේහය මේ වනවිට රත්වත්තේ වලව්වේ තැන්පත් කර තිබෙනවා.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඊයේ (16) දිනයේ දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් එහි පැමිණියා.

1968 වසරේ ජුනි මස 22 වනදා උපත ලැබූ ලොහාන් රත්වත්තේ, හිටපු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ ජනරාල් අනුරුද්ධ රත්වත්තේගේ වැඩිමල් පුත්‍රයා වනවා.

ඔහු 2010 වසරේ දී පර්ලිමේන්තුවට තේරී පත්වූ අතර, එතැන් සිට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව දක්වා පර්ලිමේන්තුව නියෝජනය කරමින් විවිධ තනතුරු හොබවනු ලැබුවා.

අවසන් වරට ඔහු රනිල් වික්‍රමසිංහ පානය සමයේ වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46