අබුඩාබි T10 පිටියේ යැවූ නිපන්දුව ක්‍රිකට් ලෝකය කළඹයි (වීඩියෝ)

අබුඩාබි T10 ලීගය මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙනවා.

මෙම තරගාවලියේ 14 වැනි තරගය ඊයේ (02) රාත්‍රියේ පැවැත් වුණේ නොර්තන් වෝරියස් සහ චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායම් අතරයි.

මෙම තරගයේ දී ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරණ නොර්තන් වෝරියස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක අභිමන්යූ මිතුන් යැවූ නිපන්දුවක් සම්බන්ධයෙන් මේ වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් ලෝකයේ කතාබහට පත්ව ඇති මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.

එම පන්දුව යැවීමේ දී ඔහුගේ පෙර පාදය සහ ක්‍රීස් එක අතර ඇති දුර ප්‍රමාණය සම්බන්ධයෙන් සියල්ලන් මවිතයට පත් කළා.

මේ වනවිටත් එම අවස්ථාව දැක්වෙන වීඩියෝ සහ ඡායාරූප කිහිපයක්ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

එම වීඩියෝ සහ ඡායාරුපවලට අදහස් දක්වමින් බොහෝ දෙනෙක් පවසා ඇත්තේ ඇතැම් විට මෙම නිපන්දුව තරග පාවාදීමක් විය හැකි බවටයි.

ලොව පුරා ක්‍රියාත්මක වන ක්‍රිකට් ලීග සමඟ තරග පාවාදීමට ඇතැම් ක්‍රීඩකයින් පොළඹවා ගනිමින් බිලියන ගණනින් අදායම් උපයන බුකීකරුවන් සම්බන්ධව කටයුතු කිරීම මේ වනවිට ක්‍රිකට් ලෝකයේ ප්‍රසිද්ධ රහසක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
7
+1
34
+1
9
+1
4
+1
3
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?