අබුඩාබි T10 පිටියේ යැවූ නිපන්දුව ක්‍රිකට් ලෝකය කළඹයි (වීඩියෝ)

අබුඩාබි T10 ලීගය මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙනවා.

මෙම තරගාවලියේ 14 වැනි තරගය ඊයේ (02) රාත්‍රියේ පැවැත් වුණේ නොර්තන් වෝරියස් සහ චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායම් අතරයි.

මෙම තරගයේ දී ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරණ නොර්තන් වෝරියස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක අභිමන්යූ මිතුන් යැවූ නිපන්දුවක් සම්බන්ධයෙන් මේ වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් ලෝකයේ කතාබහට පත්ව ඇති මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.

එම පන්දුව යැවීමේ දී ඔහුගේ පෙර පාදය සහ ක්‍රීස් එක අතර ඇති දුර ප්‍රමාණය සම්බන්ධයෙන් සියල්ලන් මවිතයට පත් කළා.

මේ වනවිටත් එම අවස්ථාව දැක්වෙන වීඩියෝ සහ ඡායාරූප කිහිපයක්ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

එම වීඩියෝ සහ ඡායාරුපවලට අදහස් දක්වමින් බොහෝ දෙනෙක් පවසා ඇත්තේ ඇතැම් විට මෙම නිපන්දුව තරග පාවාදීමක් විය හැකි බවටයි.

ලොව පුරා ක්‍රියාත්මක වන ක්‍රිකට් ලීග සමඟ තරග පාවාදීමට ඇතැම් ක්‍රීඩකයින් පොළඹවා ගනිමින් බිලියන ගණනින් අදායම් උපයන බුකීකරුවන් සම්බන්ධව කටයුතු කිරීම මේ වනවිට ක්‍රිකට් ලෝකයේ ප්‍රසිද්ධ රහසක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
භූමදානය කළ පුද්ගලයා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය - රියදුරුට නින්ද ගිහින් වෙච්ච දෙයක්
00:32
Video thumbnail
පානදුර කුඩු සළිඳුගේ අනුගාමික යුවලක් හෙරොයින් සමඟ කොටුවෙයි - ලක්ෂ 63ක මුදලකුත් මාට්ටු
00:39
Video thumbnail
දෙහිවල බෝම්බය ග#න්න ආ සෙට් එක නැවතුම ලැගුම් හල - CCTV දර්ශන එළියට එයි
01:34
Video thumbnail
ගුරු මෑණියන්ගේ සිහිනය සැබෑ කරන්න විදුමව් තුරුලට පැමිණි දරුවෝ
03:43