AFC Banner
Empty Ad
Empty Ad

අබුඩාබි අගනුවරට ඩ්‍රෝන ප්‍රහාරයක් : තිදෙනෙකු ජිවිතක්ෂයට

යේමනයේ හුදී කැරළිකරුවන් විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි අගනුවර ඉලක්ක කර ගෙන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 06 දෙනෙකු තුවාල ලබා ඇති බවයි අබුඩාබි මාධ්‍ය වාර්තා කර සිටියේ. ජිවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයින් අතර ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු සහ පාකිස්ථාන ජාතිකයෙකු සිටින බව සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ මෙම ප්‍රහාරයන් හේතුවෙන් අබුඩාබි අගනුවර පිහිටි මුසාෆා ප්‍රදේශයේ පිහිටි ඉන්ධන බවුසර් තුනකට හානි සිදුවීමෙන් ගිනි ගැනීම් වාර්තා වී ඇති බවයි.

මෙම ප්‍රහාරයෙන් එරට ප්‍රධාන ගුවන් තොටුපොළ අසල පිහිටි ඉදිකිරීම් ස්ථානයක ද ගිනි ගැනීමක් හටහගෙන ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?