AFC Banner
AFC Banner
Empty Ad

අපේක්ෂා රෝහලේ හෙදියන් බංකරයක සිර කළ විකිරණ ශිල්පීන් දෙදෙනා කරපුදේ..!

මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ බංකරයක හෙදියන් දෙදෙනා සිරකර තැබූ විකිරණ ශිල්පීන් දෙදෙනා මහරගම පොලිසිය විසින් ඊයේ (22දා) අත්අඩංගුවට ගෙන ඇතැයි අපේක්ෂා රෝහලේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති රන්ජිත් කුමාර ප්‍රකාශ කළේය.

මෙම හෙදියන් දෙදෙනා මහරගම පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විකිරණ ශිල්පීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් රන්ජිත් කුමාර කීය.

මෙම හෙදියන් දෙදෙනාව පසුගිය 17 වැනිදා සවස් කාලයේදී ගැබ්ගෙල පිළිකා ප්‍රතිකාර විකිරණශීලි බංකරය තුළ (බැකී තෙරපි අංශය) මෙම විකිරණ ශිල්පීන් දෙදෙනා විසින් සිරකර තිබේ.

හෙදියන් 17 වැනිදා සවස් කාලයේ ප්‍රතිකාර සේවා නිමවී පසුදිනට එනම් 18 වැනි දිනට නියමිත ප්‍රතිකාර කටයුතු සඳහා අදාළ අංශයේ රෝගීන්ව සූදානම් කරමින් සිට ඇති බවත් එහිදී විකිරණ ශිල්පීන් දෙදෙනකු එහි පැමිණ බංකරයට පිටතින් අගුළුදමා, විදුලියද විසන්ධි කර පිටව ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි රන්ජිත් කුමාර කීය.

මෙහිදී හෙදියන් දෙදෙනා දොර විවෘත කරගැනීමට දැඩි උත්සාහයක නිරත වී ඇති අතර ඔවුන්ගේ ජංගම දුරකථනය හෝ ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වී තිබේ.

අධික විකිරණශීලි තත්ත්වයකට නිරාවරණය වෙමින් හෙදියන් දෙදෙනා පැයක පමණ කාලයක් සිරවී සිට ඇති අතර පසුව වෙනත් කටයුත්තක් සඳහා එහි පැමිණි රෝහල් සුළු සේවකයකු බංකරය විවෘත කිරීමෙන් පසු හෙදියන්ට එළියට පැමිණීමට හැකිව තිබෙන බවද වාර්තා වී ඇතැයි හෙතෙම පැවැසීය.

පැයකට වැඩි කාලයක් විකිරණ ද්‍රව්‍යවලට නිරාවරණය වීම නිසා මෙම හෙදියන්ට පිළිකා අවදානමක් ඇතිවිය හැකි බවද අනාවරණය වී තිබේ.

පසුගිය 17 වැනිදා මෙම හෙදියන් දෙදෙනා කාමරයේ දමා විදුලිය විසන්ධි කර පැයක පමණ කාලයක් කාමරය තුළ සිරවී සිට ඇති බව ඔවුන් මහරගම පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.

මෙම සිදුවීමට සම්බන්ධ බව කියන තවත් එක් විකිරණවේදියකු අත්අඩංගුවට ගැනීමට මහරගම පොලිසිය විමර්ශන සිදුකරයි.

විකිරණවේදියා පොලිසියට පවසා ඇත්තේ තමන් එකට රාජකාරි සිදුකරන අයවළුන් වන අතර මෙම දෙදෙනා කාමරයේ සිටි බව නොදැන අගුළු දමා ගිය බවකි.

මේ සම්බන්ධයෙන් මහරගම පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරයි.

– ශ්‍රියානි විජේසිංහ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
11
+1
2
+1
5
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?