අපේක්ෂා රෝහලේ හෙදියන් බංකරයක සිර කළ විකිරණ ශිල්පීන් දෙදෙනා කරපුදේ..!

මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ බංකරයක හෙදියන් දෙදෙනා සිරකර තැබූ විකිරණ ශිල්පීන් දෙදෙනා මහරගම පොලිසිය විසින් ඊයේ (22දා) අත්අඩංගුවට ගෙන ඇතැයි අපේක්ෂා රෝහලේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති රන්ජිත් කුමාර ප්‍රකාශ කළේය.

මෙම හෙදියන් දෙදෙනා මහරගම පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විකිරණ ශිල්පීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් රන්ජිත් කුමාර කීය.

මෙම හෙදියන් දෙදෙනාව පසුගිය 17 වැනිදා සවස් කාලයේදී ගැබ්ගෙල පිළිකා ප්‍රතිකාර විකිරණශීලි බංකරය තුළ (බැකී තෙරපි අංශය) මෙම විකිරණ ශිල්පීන් දෙදෙනා විසින් සිරකර තිබේ.

හෙදියන් 17 වැනිදා සවස් කාලයේ ප්‍රතිකාර සේවා නිමවී පසුදිනට එනම් 18 වැනි දිනට නියමිත ප්‍රතිකාර කටයුතු සඳහා අදාළ අංශයේ රෝගීන්ව සූදානම් කරමින් සිට ඇති බවත් එහිදී විකිරණ ශිල්පීන් දෙදෙනකු එහි පැමිණ බංකරයට පිටතින් අගුළුදමා, විදුලියද විසන්ධි කර පිටව ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි රන්ජිත් කුමාර කීය.

මෙහිදී හෙදියන් දෙදෙනා දොර විවෘත කරගැනීමට දැඩි උත්සාහයක නිරත වී ඇති අතර ඔවුන්ගේ ජංගම දුරකථනය හෝ ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වී තිබේ.

අධික විකිරණශීලි තත්ත්වයකට නිරාවරණය වෙමින් හෙදියන් දෙදෙනා පැයක පමණ කාලයක් සිරවී සිට ඇති අතර පසුව වෙනත් කටයුත්තක් සඳහා එහි පැමිණි රෝහල් සුළු සේවකයකු බංකරය විවෘත කිරීමෙන් පසු හෙදියන්ට එළියට පැමිණීමට හැකිව තිබෙන බවද වාර්තා වී ඇතැයි හෙතෙම පැවැසීය.

පැයකට වැඩි කාලයක් විකිරණ ද්‍රව්‍යවලට නිරාවරණය වීම නිසා මෙම හෙදියන්ට පිළිකා අවදානමක් ඇතිවිය හැකි බවද අනාවරණය වී තිබේ.

පසුගිය 17 වැනිදා මෙම හෙදියන් දෙදෙනා කාමරයේ දමා විදුලිය විසන්ධි කර පැයක පමණ කාලයක් කාමරය තුළ සිරවී සිට ඇති බව ඔවුන් මහරගම පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.

මෙම සිදුවීමට සම්බන්ධ බව කියන තවත් එක් විකිරණවේදියකු අත්අඩංගුවට ගැනීමට මහරගම පොලිසිය විමර්ශන සිදුකරයි.

විකිරණවේදියා පොලිසියට පවසා ඇත්තේ තමන් එකට රාජකාරි සිදුකරන අයවළුන් වන අතර මෙම දෙදෙනා කාමරයේ සිටි බව නොදැන අගුළු දමා ගිය බවකි.

මේ සම්බන්ධයෙන් මහරගම පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරයි.

– ශ්‍රියානි විජේසිංහ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28