අපේක්ෂා රෝහලේ විකිරණ තාක්ෂණවේදීන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන්

මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ තාක්ෂණවේදීන් ක්‍රියාත්මක කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා සමග පැවති සාකච්ඡා සාර්ථක වීමෙන් අනතුරුවයි වර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇත්තේ.

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කළේ පසුගිය 5 වැනිදායි.

ඒ, සෞඛ්‍ය ලේකම්වරයා විසින් ඔවුන්ගේ අමතර සේවා සඳහා සිදුකරන ගෙවීම් කප්පාදුවන ආකාරයෙන් නිකුත් කළ ලිපියකට විරෝධය දැක්වීමට බව පවසමින්.

කෙසේ වෙතත් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ ලේකම්වරයා පවසන්නේ රෝහල් අධ්‍යක්ෂවරයා අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර සිය ගැටලුව සඳහා විසඳුමක් ලබාදීමට ලිඛිතව පොරොන්දුවක් ලබා දෙන්නේ නම් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග අත්හිටුවීමට තමන් පියවර ගන්නා බවයි.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පැවසුවේ ප්‍රතිකාර ආරම්භ කළ රෝගියෙකුගේ ප්‍රතිකාර නතර කළහොත් පිළිකාව පැතිරීමේ වේගය ඉතා වැඩි බවත්, පිළිකා රෝගය සඳහා ප්‍රතිකාර
ලබාදෙන්නේ සැලැස්මකට අනුව බැවින් එක් ප්‍රතිකාර ක්‍රමයක් පමා වූ විට සිදුකරන අනෙකුත් ප්‍රතිකාරවලින් ලැබෙන සහනයත් නොලැබෙන බවයි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඉතා දුර බැහැර ප්‍රදේශවල සිට දින වෙන්කරවාගෙන මහරගම අපේක්ෂා රෝහලට පැමිණෙන රෝගීන් පත්ව සිටියේ දැඩි අසීරුතාවකටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?