AFC Banner
AFC Banner
Empty Ad

අපි තරග දිනන්න නම් බය නැතුව සෙල්ලං කරන්න ඕන – නව නායකයා කුසල් ජනිත්

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නව නායකයා වන කුසල් ජනිත් පෙරේරා සිය කණ්ඩායමේ සගයින්ට බංගලාදේශ තරගාවලියට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ පැහැදිලි පණිවිඩයක් දී තිබෙන බව CRICINFO සඟරාව වාර්තා කරයි. “අපි තරග දිනන්න නම් බය නැතුව සෙල්ලං කරන්න ඕන” එම සංකල්පය මත පිහිටා ක්‍රීඩා කළ යුතු බව නව නායකයා කණ්ඩායමට දුන් පණිවිඩය වේ.

“පරදිනවාට බය බයවෙන්න බැහැ.කණ්ඩායමේ තමන්ගේ තැන ගැන හිතනවා නං 100% ක් කණ්ඩායමට දෙන්ඩ බැහැ.මම කණ්ඩායමේ ක්‍රීඩකයින් ඉල්ලා සිටින්නේ සියලු දක්ෂතා එළියට දෙන්න.” කුසල් ජනිත් සිය කණ්ඩායමෙන් ඉල්ලා සිටි.

“අපි පුහුණුවීම්වලදීත් බය නැතුව ක්‍රීඩා කරන්න ඕන.එතකොට තරඟයකදීත් ඒ ආකාරයටම ක්‍රීඩා කරන්න පුළුවන්.අපි බය වුණොත් ඉන්න තැනට පල්ලෙහාට වැටෙනවා.ක්‍රීඩකයන්ගේ විශ්වාසය තහවුරු වන ආකාරයේ සංස්කෘතියක් කණ්ඩායම් තුළ ගොඩ නැගීම මගේ උත්සාහයයි.”යයි නව නායකයා වැඩිදුරටත් සඳහන් කරයි.

“මම පෞද්ගලිකව කැමති බය නැති ක්‍රිකට් සෙල්ලම් කරන්න.මම සාර්ථක වුණේ ඒ විදියට ක්‍රීඩා කළා.මම බය එක්ක ක්‍රීඩා කළ හැම අවස්ථාවෙම අසාර්ථක වුණා.” යයි කුසල් ජනිත් සඳහන් කරන්නේ සිය පුද්ගලික ක්‍රීඩා විලාශය සම්බන්ධයෙන් අදහසක්ද එකතු කරමිනි.

දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන්හිදී පැවති ටෙස්ට් තරගයේදී කුසල් ජනිත් පෙරේරා පන්දු 200කදී නොදැවී රැස් කළ ලකුණු 153 ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දක්නට ලැබුණ වූ ශ්‍රේෂ්ඨතම ඉනිමක් ලෙස ක්‍රිකට් ක්‍රීඩා විචාරකයින් හඳුන්වයි.

තමාට ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය භාර දෙන අවස්ථාවේ තේරීම් කමිටුව කළ ප්‍රකාශයක් හුවාදක්වමින් කුසල් ජනිත් සඳහන් කරන්නේ තමන් හොඳට පහර දෙන අවස්ථාවක ශතකයක් රැස් නොකර ලකුණු 50 කට හෝ 60 කට දැවී ගියහොත් එහි වගකීම තමා විසින්ම දැරිය යුතු බව සදහන් කළ බවයි.

“හැමදාම සීයවල් ගහන්න බැහැ.හැබැයි හොඳ ආරම්භයක් ගත්තොත් ලොකු ඉනිමකට යන්න පුළුවන්.ඒත් මම සීයක් ගැහුවොත් තරගය අපට දිනන්න තියෙන අවස්ථාව වැඩියි” යයි කුසල් ජනිත් සඳහන් කළ බව CRICINFO සඟරාවේ පළමු ලිපියේ අවසානයට සඳහන්ව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?