අපි තරග දිනන්න නම් බය නැතුව සෙල්ලං කරන්න ඕන – නව නායකයා කුසල් ජනිත්

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නව නායකයා වන කුසල් ජනිත් පෙරේරා සිය කණ්ඩායමේ සගයින්ට බංගලාදේශ තරගාවලියට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ පැහැදිලි පණිවිඩයක් දී තිබෙන බව CRICINFO සඟරාව වාර්තා කරයි. “අපි තරග දිනන්න නම් බය නැතුව සෙල්ලං කරන්න ඕන” එම සංකල්පය මත පිහිටා ක්‍රීඩා කළ යුතු බව නව නායකයා කණ්ඩායමට දුන් පණිවිඩය වේ.

“පරදිනවාට බය බයවෙන්න බැහැ.කණ්ඩායමේ තමන්ගේ තැන ගැන හිතනවා නං 100% ක් කණ්ඩායමට දෙන්ඩ බැහැ.මම කණ්ඩායමේ ක්‍රීඩකයින් ඉල්ලා සිටින්නේ සියලු දක්ෂතා එළියට දෙන්න.” කුසල් ජනිත් සිය කණ්ඩායමෙන් ඉල්ලා සිටි.

“අපි පුහුණුවීම්වලදීත් බය නැතුව ක්‍රීඩා කරන්න ඕන.එතකොට තරඟයකදීත් ඒ ආකාරයටම ක්‍රීඩා කරන්න පුළුවන්.අපි බය වුණොත් ඉන්න තැනට පල්ලෙහාට වැටෙනවා.ක්‍රීඩකයන්ගේ විශ්වාසය තහවුරු වන ආකාරයේ සංස්කෘතියක් කණ්ඩායම් තුළ ගොඩ නැගීම මගේ උත්සාහයයි.”යයි නව නායකයා වැඩිදුරටත් සඳහන් කරයි.

“මම පෞද්ගලිකව කැමති බය නැති ක්‍රිකට් සෙල්ලම් කරන්න.මම සාර්ථක වුණේ ඒ විදියට ක්‍රීඩා කළා.මම බය එක්ක ක්‍රීඩා කළ හැම අවස්ථාවෙම අසාර්ථක වුණා.” යයි කුසල් ජනිත් සඳහන් කරන්නේ සිය පුද්ගලික ක්‍රීඩා විලාශය සම්බන්ධයෙන් අදහසක්ද එකතු කරමිනි.

දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන්හිදී පැවති ටෙස්ට් තරගයේදී කුසල් ජනිත් පෙරේරා පන්දු 200කදී නොදැවී රැස් කළ ලකුණු 153 ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දක්නට ලැබුණ වූ ශ්‍රේෂ්ඨතම ඉනිමක් ලෙස ක්‍රිකට් ක්‍රීඩා විචාරකයින් හඳුන්වයි.

තමාට ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය භාර දෙන අවස්ථාවේ තේරීම් කමිටුව කළ ප්‍රකාශයක් හුවාදක්වමින් කුසල් ජනිත් සඳහන් කරන්නේ තමන් හොඳට පහර දෙන අවස්ථාවක ශතකයක් රැස් නොකර ලකුණු 50 කට හෝ 60 කට දැවී ගියහොත් එහි වගකීම තමා විසින්ම දැරිය යුතු බව සදහන් කළ බවයි.

“හැමදාම සීයවල් ගහන්න බැහැ.හැබැයි හොඳ ආරම්භයක් ගත්තොත් ලොකු ඉනිමකට යන්න පුළුවන්.ඒත් මම සීයක් ගැහුවොත් තරගය අපට දිනන්න තියෙන අවස්ථාව වැඩියි” යයි කුසල් ජනිත් සඳහන් කළ බව CRICINFO සඟරාවේ පළමු ලිපියේ අවසානයට සඳහන්ව තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14