අපි ආපහු එනවා – පාකිස්ථාන සුපිරි ක්‍රීඩකයින් දෙදෙනෙක් ක්‍රිකට් පාලක මණ්ඩලයට දන්වයි

පාකිස්ථාන වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් සහ තුන් ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය වෙනස් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තේරීම් සඳහා තමන් ද සිටින බවයි මෙම ක්‍රීඩකයන් දෙදෙනා පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයට දන්වා ඇත්තේ.

මේ වනවිට 31 හැවිරිදි වියේ පසුවන මොහොමඩ් අමීර් 2020 වසරේ දෙසැම්බර් මාසයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව දැනුම් දුන්නා.

මේ අතර ඉමාඩ් වසීම් පාකිස්ථානය වෙනුවෙන් අවසන් වරට 2023 වසරේ දී ජාත්‍යන්තර තරගයක් සඳහා ක්‍රීඩා කර ඇති අතර, මෙවර ඔහු පී.එස්.එල්. තරගාවලියේ ඉහළ දක්ෂතා දැක්වීමට සමත් වුණා.

ඔහු නියෝජනය කළ ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම මෙවර ශූරතාව දිනාගැනීමට ද සමත් වූ අතර, අවසන් මහා තරගයේදී කඩුලු පහක් දවා ගනිමින් ඉමාඩ් ජයග්‍රහණය සඳහා ඉහළ දායකත්වයක් ලබා දුන්නා.

මෙම දක්ෂතා මත මේ වනවිට 35 හැවිරිදි වියේ පසුවන ඔහු පවසා ඇත්තේ එළඹෙන ලෝක කුසලාන තරගාවලියේ තේරීම් සඳහා තමන් ද සිටින බවයි.

2 15
3 12
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
1000 CC වාහනවල බදු අඩු කරන ලෙස වාහන ආනයන කරුවන්ගෙන් ඉල්ලීම්
08:12
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17


?