අපි ආපහු එනවා – පාකිස්ථාන සුපිරි ක්‍රීඩකයින් දෙදෙනෙක් ක්‍රිකට් පාලක මණ්ඩලයට දන්වයි

පාකිස්ථාන වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් සහ තුන් ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය වෙනස් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තේරීම් සඳහා තමන් ද සිටින බවයි මෙම ක්‍රීඩකයන් දෙදෙනා පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයට දන්වා ඇත්තේ.

මේ වනවිට 31 හැවිරිදි වියේ පසුවන මොහොමඩ් අමීර් 2020 වසරේ දෙසැම්බර් මාසයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව දැනුම් දුන්නා.

මේ අතර ඉමාඩ් වසීම් පාකිස්ථානය වෙනුවෙන් අවසන් වරට 2023 වසරේ දී ජාත්‍යන්තර තරගයක් සඳහා ක්‍රීඩා කර ඇති අතර, මෙවර ඔහු පී.එස්.එල්. තරගාවලියේ ඉහළ දක්ෂතා දැක්වීමට සමත් වුණා.

ඔහු නියෝජනය කළ ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම මෙවර ශූරතාව දිනාගැනීමට ද සමත් වූ අතර, අවසන් මහා තරගයේදී කඩුලු පහක් දවා ගනිමින් ඉමාඩ් ජයග්‍රහණය සඳහා ඉහළ දායකත්වයක් ලබා දුන්නා.

මෙම දක්ෂතා මත මේ වනවිට 35 හැවිරිදි වියේ පසුවන ඔහු පවසා ඇත්තේ එළඹෙන ලෝක කුසලාන තරගාවලියේ තේරීම් සඳහා තමන් ද සිටින බවයි.

2 15
3 12


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40