අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් පසුව දෙවන ප්‍රහාරය වැලකී ගිය හැටි

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් පසුව දෙවන ප්‍රහාරයක් එල්ල කිරීමට සහරාන් ඇතුළු අන්තවාදීන් සැලසුම් කර තිබූ බව පසුව විමර්ශන අංශ වලින් තහවුරු කර ගත්තා.

නමුත් එම දෙවන ප්‍රහාරය වැලකී ගියේ විශේෂ පුද්ගලයෙකු ආරක්ෂක අංශ වලට ලබාදුන් ඔත්තුවක් හේතුවෙන්.

ඔහු හිරු ප්‍රවෟත්ති වෙත කරන විශේෂ හෙළිදරව්වක් මේ.

අහිංසක ජීවිත 250ට අධික ගණනකට මරු කැඳවමින්, ඊටත් වැඩි පිරිසක් සදාකාලික වින්දිතයින් බවටත් කරවමින් 2019 අප්‍රේල් 21 එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය මෙරට ජනතාවට අමතක කල හැක්කක් නොවේ.

සහරාන් ඇතුළු ත්‍රස්තවාදීන් 21 වෙනිදා ප්‍රහාරය එල්ල කිරීමෙන් පසුව දෙවන ප්‍රහාරයකට සූදානමින් සිටි බවට ආරක්ෂක අංශ තොරතුරු හෙළි කර ගත්තේ
නැගෙනහිර ස්ථාන කිහිපයකින් පුපුරණ ද්‍රව්‍ය හමුවීමත් සමඟයි.

ආරක්ෂක අංශ වලට එම මෙහෙයුම පහසු වන්නේඅදාල පුපුරණ ද්‍රව්‍ය සයින්දමරුදු දක්වා රැගෙන ගිය ලොරි රථයේ රියදුරුගේ බුද්ධිමත් තීරණයක් හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?